(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමඟ කෙරෙන  සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (5) ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වට ගණනාවක් මෙි වන විට පවත්වා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විවරණයක් කරනු ඇති බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වාචික  පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.