IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මූල්‍ය අරමුදල ලංකාව ගැන සතුටින්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒම මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බව ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝර්ක් නිව්යෝර්ක් නුවරදී පැවසුවාය.

සංචාරක කේෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද  ජෝර්ජිවා මහත්මිය ප්‍රසාදය  පළ කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළහි ප්‍රගතිය  ද ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාවගේ ඇගයීමට ලක් විය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය  අතර හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී සිදු විය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, ආයෝජන මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.



අදහස් (1)

මූල්‍ය අරමුදල ලංකාව ගැන සතුටින්

Kiriputha Thursday, 21 September 2023 12:03 PM

රෝහිත සහ මහින්දානන්ද වගේ උගත්තු සහභාගී උනේ නැතිද

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site