(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය ඉකුත් 7 වැනිදා දුරකතනයෙන් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ලංකාවට එවීමට කටයුතු කරන ලෙසයි.
අගමැතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 9 වැනිදා දැනුම් දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමාගේ ඉල්ලීමට එනවා කියන්නේ මේ තරම් කල් නොයැව්වේත් එතුමාගේම ඉල්ලීමට වෙන්න ඇති. සමහර විට 21 පාස්වෙලා බලේ අතට දෙනකල් ආධාර ඉල්ලන එකකුත් නැතිවෙයි.