
(කේ. බුද්ධික. කුමාරසිරි)
මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී විෂ දූමයක් නිසාවෙන් දෙදෙනෙකු මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක පහළ කළ හැකි කරුණු රැසක් අනාවරණය වී ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා අද (14) දින පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිස්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා සමගින් පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර එම පිරිස විසින් නිවස තුළට ඇතුළු වී මූලික පරීක්ෂණයක් සිදු කරන ලදි.
ඉන් අනතුරුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි විය.
ඉහත දෙපාර්ශවයටම එම ස්ථානයේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය පිළිබඳව අනුමානයක් ලබා ගැනීමට නොහැකි වූ නිසාවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ආරක්ෂිත ඇඳුම් සමගින් රසායනික ද්‍රව්‍ය තිබූ නිවසේ කාමරයට ඇතුළු වී සිදුකළ පරීක්ෂාවෙන් අනතුරුව මෙම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට හඳුනා ගත් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලඹේ දෙන්නා මළේ අයිස් හදන්න ගිහින්?
Nihal Wednesday, 14 August 2024 10:48 PM
තන්හාව ජායතී රටටම සතුටක්...!
sam Thursday, 15 August 2024 07:51 AM
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා .සමාජයට යහපතක් මුන්ව එලෝ ඇරපු එකා .කාලකන්නි