
(ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස මස 26 වෙනිදා එළි දක්වන බව පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇඹිලිපිටියේදී පැවසීය.
බොහෝ දෙනකු අප පක්ෂයේ ප්‍රතිපත්තියයි කියමින් නොයෙක් දේවල් පවසන බව කී දිසානායක මහතා ඒ සියල්ලට පිළිතුරු ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ පසු ඔවුන් පැවසූ දේවල්වල සැබෑ තත්ත්වය දැනගත හැකි වනු ඇතැයිද පැවසීය .
සියයට තුනක ඡන්ද පදනමක් තිබූ බව පවසමින් කිසි කලෙක මාලිමාවට ජයග්‍රහණය කිරීමට නොහැකි බව පැවසූ ඔවුන් දැන් ආවොත් යයි පවසමින් වෙනත් දේවල් ජන ගත කරන බවද කීය.
මාලිමාව ආවොත් සමෘද්ධිය කපනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි කපනවා සහනාධාර නතර කරනවා ආදි දේ කියමින් සාමාන්‍ය ජනතාව තුළ බියක් ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.
ඒ සියල්ලටමකිව යුත්තේ ඊට අදාළ පිළිතුර ලබන සැතැම්බර් 21 වෙනිදායෙන් පසු බලා ගත හැකි වන බවද හෙතෙම අවධාරණය කළේය
ඒ මහතා මෙම අදහස් පළ කලේ ඇඹිලිපිටිය නගරයේ පැවැති ගොවි රැළිය අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලිමාවට සැප්තැම්බර් 21 උත්තරය ලැබෙයි .
කටකතා නම් මාලිමාව තමයි. වෙන කවුරුවත් නෙවෙයි. රත්තරන් අස්වයෝ වගේ...
මාලිමාවට කෙසේ වෙතත් මෙතෙක් කලක් බලයේ හිටපු බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ට නම් ජනතාව නිසි පිළිතුරක් දෙයි. 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු, තුනෙන් දෙකේ බලයක් තිබුණු දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් පන්නපු ජනතාවක් අපිට ඉන්නේ...
ඇත්තටම මේ කට්ටිය කල්පයක් තිස්සේ වැඩක් පලක් නොකර පින් බත් කකා, කාලය ගතකරලා දැන් මනස වැඩ කරයිද?
කොහොමත් මේ පාර අනුරට 3%ම තමයි, අපේ රනිල් ජනපතිතුමාම තමා මේ පාරත් ජනපති. 2030 වෙද්දී ලංකාවට හයිටිය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය වගේ දියුණු රටක් බවට පත්කරලා රට මන්දපෝෂණයෙන් අංක එක බවට පත්කරලා. ආසියාවේ සොහොන බවට පත් කරන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි.
ජයවේවා...!
මේ රට විනාශ කළ ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට රටේ පාලන බලය දෙන්න තරම් මොංගල් නෑ. උගතුන් මරා දමමින්, රජයේ දේපල ගිනි තියපු මාලිමාවට මේ පාරත් පසුගිය ප්‍රතිඵලයම තමයි. ප්‍රාදේශීය සභාව පාලනය කරගන්න බැරුව හිටිය අය කොහොමද රටක් පාලනය කරන්නේ...? 21 දායින් පසුව මාලිමාව කරන්නේ රට වට්ටන්න වර්ජන කරන එකයි. එදාට ඔවුන්ට ගහලා පන්නලා දාන්න මිනිස්සු බුද්ධිමත් වේවි... බුද්ධාගම ප්‍රමුඛව තිබූ රාජ්‍යය නිරාගාමික කරන්න වෙර දරන, නිකන් ඉඳන් කන බොන මාලිමාවට ඡන්දය දීලා තමන්ගේම වල කපාගන්නා තරම් මිනිස්සු තාම මෝඩ නෑ...
අනුරව ජනාධිපති අපේක්ෂක කමට තෝරලා අවුරුද්දක් වෙනවා... තවම ප්‍රතිපත්ති ප්‍රකාශන නැහැ. සුරන්ගනා කථා මවපු එකක් දාලා මිනිස්සුන්ව රවට්ටයි.
බොරුවද නොහොත් බූරුවා , ප්‍රතිපත්ති ප්‍රකාශන එලිදක්වන්නෙ චන්දෙ ප්‍රකාශ කලාට පස්සෙ කියලවත් නොදන්න වගෙයි. හැබැයි සුරංගනා කතා අහල මෝඩ වෙචිච අයට මාලිමාවෙ බොරු පොරොන්දු නැති බව නම් පෙනේවි.
රංග, නිකන් ලියන්න පුලුවන් උන පලියට කුහක කතා ලියන්න එපා,ජවිපෙ විනාශ කල රටක් නැත විනාශ කලේ ඔබ මෙතෙක් පත්කල නායකයන්ය. දැන් කුලල් කා ගෙන වේදිකාවල ඇද බාන චෝදනා බැලුවම මොවුන් රට පාලනය කල හැටි මොලේ කලඳක් ඇති කෙනෙකුට වැට හෙනු ඇත.
මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු තවමත් ඉන්නවා. .රට විනාශ කෙරුවේ මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී දූෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුරුවත් නෙවෙයි .දර්මිෂ්ඨ සමාජයක් ,යහපාලන ආණ්ඩුවක් ,ආසියාවේ ආශ්චර්යය ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ බලයේ හිටපු දූෂිත නායකයෝ .පව්ලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කෙරුවේ කවුද කියලා ලෝකෙම දන්නවා . තාරුණ්‍යයට හෙටක් සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව ගොනාට අන්දලා බලයට ආපු උන් කරපු දෙයක් නැහැ.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා .
ලංකා ඉතිහාසයේ කිසිදු දේශපාලකයෙකුට වඩා රටට විශාලම හානිය කලේ ජේවීපීය සහ එල්ටීටීය යි. රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 80 යි නම් ජේවීපීය සහ එල්ටීටීය කල විනාශය ඩොලර් බිලියන 200 ට වැඩියි. ලස්සනම දේ තමයි ජේවීපී එක ඒ විනාශය කලා කියන්නේ රටට ආදරේටලු. එහෙනම් මේ සැරෙත් රටට ආදරේට බලේ අරන් ඕකම කරනවා අනිවාර්යෙන්ම. මුලින්ම කරන්නේ ගමේ දුප්පතාගේ බඩට ගහන එක. රස්සාවට යන එක තහනම් කරයි නැත්නම් ආන්ඩුවට දවස් දෙකක් වැඩ කරන්න කියයි. සියළුම බැංකු ගිණුම් එයාලගේ යටතට ගනියි. විරුද්ද උනොත් පහුවදාට බෙල්ල වැටේ තියෙයි.
නිශාන්, අරක වෙයි මේක වෙයි කියල පුරෝකතනය කරනවට වඩා තමුන්ල පත්කරල යවපු උන්නැහෙල කරපු කෙරුවාවාව ගැන කතා කලොත් නරකද? හොර බෙහෙත් ගැන , එයාට පක්ෂව අත උස්සපු අය ,ඒක නිසා ජවිපෙ ගැන හඳහන් හදනවට වඩා තමන්ගෙ නායකයන්ගෙ චරිත සහතික බලන්න.තව ඕන නම් හෙට අනිද්දා වෙිදාකා තුනෙන්ම එලියට පනීවි ඇත්ත.
සෙනෙවිරත්න, දේශපාලකයින්ට කඩේ යාම ගැන සීමාවක් තියාගන්න...