
(යොහාන් භාසුර)
ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කිරීම සඳහා අද (20) පැවැති ඡන්ද විමසීමේදී එම පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවූ බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
එම මන්ත්‍රීවරයා ඡන්ද විමසීමේදී පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නියෝජ්‍ය නගරාධිපති තරගයට ද ඉදිරිපත්ව ඇති බවත් ඔහු පක්‍ෂයේ සියලුම තනතුරුවලින් ඉවත්කකළ බවත් ලේකම්වරයා කීය.
අදාල චෝදනාව සම්බන්ධයෙන් නිසි චෝදනා පත්‍රයක් ඉදිරියේදී යොමුකරන බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීකම විකුණලා කෝටි ගණනක් ගන්නවා. ආයේ මන්ත්‍රීකම නැතිවුණාට කමක් නැහැ. මාළුමාවත් ඕනෑම ජරාගොඩක ළඟින් ඌරෙක් කියලා ඔප්පුකරන් යනවා. ජනතාව බලාපොරොත්තු වුනේ මේ වෙනස නොවෙයි...
මොලේ ඇති මනුස්සයෙක්... හොර දූෂිතයෝ එක්ක ඉඳලා ගමනක් නෑ කියලා හිතෙන්න ඇති.
මොලේ ඇති මනුස්සයෙක්, පඩිය වගේ දහස් ගුණයක් පැළවත්ත බැංකුවෙන් ලැබුණා ඇති... වෙනසකට දකින්නේ සාටකේ කරේ නැති එක විතරයි.. අනික් සියලු සුදුසුකම් සම්පූර්ණ කර ඇත...
ඉතිං ඒ ප්‍රියන්ත ගොඩගම මහත්තයා සහයෝගය දීලා තියෙන්නේ රට යොදාගැනීමේ ව්‍යාපරයටනේ. රට ගොඩ යනවාට කැමැති නැද්ද පොහොට්ටුව.... අනික දැන් පොහොට්ටුවට මේ කපේ ගොඩ ඒමක් නෑ කියලා ප්‍රියන්ත වගේ මොලේ තියෙන මිනිස්සුන්ට වැටහෙනවා. දැන් පොහොට්ටුව බැසයන සඳක් වගේ..
හොරු එක්ක ඉඳලා ගමනක් නැත්නම් ඇයි ඒ පැත්තෙන් ඡන්දේ ඉල්ලුවේ? වාසියට මාලිමාවට පැනපු බව මාලිමා ඩෝබිලාට හැර සියලුම අයට පේනවා..