
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
“රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු සංවේදී භාවයකින් තොරව වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙනවා.ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් වනවා පමණක් නොව ජන ජීවිතය විශාල පීඩාවකට ලක් වෙනවා.”
යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.
“ගැහැණු අපි එක මිටට මාලිමාවට” යන තේමාව මුල් කර ගෙන පැවති එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුවේ දී ඔහු ඒ බව කීය.
කාන්තාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ දී එම සමුළුව පැවැත්විණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහත් මෙසේ ද කීය.
“ජනවාරි 01 වැනිදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් රාශියකට ආණ්ඩුව විශාල ලෙස වැට් බද්ධ ගහන්න පටන් ගෙන තිබෙනවා.අපේ රටේ වැට් පනත අනුව මීට පෙර ජනතාවට සමීප භාණ්ඩ හා සේවාවන් 138 ක් වැට් බද්දෙන් නිදහස් කරලයි තිබුනේ.ඇයි ඒවා නිදහස් කර තිබුණේ ජන ජීවිතයට ඒවා ඉතාමත් සංවේදී නිසයි.නැත්නම් කලිනුත් ඒවාට වැට් ගහනවනේ.
තෙල් ඩීසල් ආර්ථිකයට ඉතා සංවේදියි.අමු ද්‍රව්‍ය ආර්ථිකයට ඉතා සංවේදියි.ඒ කියන්නේ ජනතාවට හා ආර්ථිකයට ඉතා සංවේදී දේවල් වැට් බද්ධ යටත් කලේ නෑ.මොකද ඒ බද්ද ගැහිල්ල හරහා ආර්ථිකයේ පිබිදීම වර්ධනය නතර වෙනවා.ඒ නීසා ආර්ථීකයේ වැදගත් සාධක වලට ආර්ථීකය ඉදිරියට යාමට බාධාවක් වන දේවල් වලට වැට් ඇතුලත් කලේ නෑ.
හැබැයි ඒ කිසිවක් තැකීමක් නොකර ජනවාරි 01 වැනිදා සිට සියල්ලටම වැට් ගහන්න පටන් ගෙන තිබෙනවා.ගෑස්,කිරි,පාසල් උපකරණ ජනතාවට ඉතා සමීප නිසා වැට් ගැහුවේ නෑ.ඒත් මේ ආණ්ඩුව ඒ ක්ෂේත්‍ර පවා වැට් බද්දට ඇතුලත් කර තිබෙනවා.ඒ කියන්නේ 2023 ආර්ථික අර්බුදය තුලින් ඔබේ ජීවිතයට ගෙන ආ පීඩාවන්ට වඩා වැඩි පීඩනයක් මේ වසරේදී ඔබට ගෙනවිත් දී තිබෙනවා.


2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිමාවේ සටන මාතරින් අරඹයි
Lal Monday, 01 January 2024 09:01 AM
රනිල්ට එහෙම හරි සැලැස්මක් වැඩ පිළිවෙලක් තියනවා... මොකක්ද ජෙප්පන්ගේ සැලැස්ම .... කියවීම පමණයි
PereraMonday, 01 January 2024 06:27 PM
ලාල් ඔයාට ඉතින් පිනාටයි, මයිනාටයි එයාගේ පරම්පරාවේඅයටයි... සට්ටැඹිකම් කරකර ඉන්න.
අරවින්ද මොනරවිල Monday, 01 January 2024 09:32 AM
රනිල් රාජපක්ෂ කල්ලිය මේ රටේ දේශපාලනයෙන් සදහටම චුත කරන මුල්ම සංඥාව මාතර ජාතික ජන බලවේගයේ කාන්තා සමුලුවෙන් නිකුත් උනා......
PATTA hora Monday, 01 January 2024 09:41 AM
අලි/පොහොට්ටු හවුල පරදවන , රට දිනවන බලවේගය !
Ruhunu Monday, 01 January 2024 09:49 AM
හැඳිමිටට
nimal Monday, 01 January 2024 09:54 AM
වර්තමාන රජය යටතේ වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් මතුව තිබේනම් ඔබගේ විසදුම රටේ කාන්තාවන්ට කියන්න.
Bandula Monday, 01 January 2024 12:33 PM
ඔහොම කියලා ආපු ගෝඨාභය උපරිමයෙන් හෙයියන්ට හරි බදු අඩුකර රටේ ආදායම් පහල බැස්සුවා ඒකේ විපාක තමයි තවමත් විදවන්නෙ මේ නායක අයියත් (ඔවුන්ට අම්මා අප්පා නැන්දම්මා මාමා කවුරුත් සහෝදර සහෝදරියන් නිසා අපේ ක්‍රමයට අයියා කියන්නෙ ) ඇමති කමක් කලා නේද අන්තිමේ කරගන්න බැරුව ආදාවගේ ලිස්සා ගියා ආයෙත් ආවා කියලා මොනවා කරන්නද රට තව තවත් ප්‍රපාතයකට වැටෙන්න පුළුවන්
මියසි Monday, 01 January 2024 09:54 AM
ඉවසා සිටිමු. තව ටික දවසනෙ. ඔබතුමල ආවම ඔක්කොම හරි යනවනෙ
Siri Monday, 01 January 2024 03:47 PM
මේ සෙනඟ අදින්න බස් කීයක් කුලියට ගත්තාද?
නිමල් Monday, 01 January 2024 04:16 PM
ජෙපීස්ලා ගහන කයිවාරු වල හැටියට නම් ඡන්දේ තිබ්බේ නැති ටික විතරයි. ඔවුන් ඡන්ද සීයට හැත්තෑවක් අසූවක් අරගන්නවාලු. ඉතින් එහෙම නම් මොකටද තව සටන්...? කොහොමද මේ අයගේ පච...? දින්නොත් කොහොම පච කෙළියිද?