
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
“රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු සංවේදී භාවයකින් තොරව වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙනවා.ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් වනවා පමණක් නොව ජන ජීවිතය විශාල පීඩාවකට ලක් වෙනවා.”
යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.
“ගැහැණු අපි එක මිටට මාලිමාවට” යන තේමාව මුල් කර ගෙන පැවති එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුවේ දී ඔහු ඒ බව කීය.
කාන්තාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ දී එම සමුළුව පැවැත්විණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහත් මෙසේ ද කීය.
“ජනවාරි 01 වැනිදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් රාශියකට ආණ්ඩුව විශාල ලෙස වැට් බද්ධ ගහන්න පටන් ගෙන තිබෙනවා.අපේ රටේ වැට් පනත අනුව මීට පෙර ජනතාවට සමීප භාණ්ඩ හා සේවාවන් 138 ක් වැට් බද්දෙන් නිදහස් කරලයි තිබුනේ.ඇයි ඒවා නිදහස් කර තිබුණේ ජන ජීවිතයට ඒවා ඉතාමත් සංවේදී නිසයි.නැත්නම් කලිනුත් ඒවාට වැට් ගහනවනේ.
තෙල් ඩීසල් ආර්ථිකයට ඉතා සංවේදියි.අමු ද්‍රව්‍ය ආර්ථිකයට ඉතා සංවේදියි.ඒ කියන්නේ ජනතාවට හා ආර්ථිකයට ඉතා සංවේදී දේවල් වැට් බද්ධ යටත් කලේ නෑ.මොකද ඒ බද්ද ගැහිල්ල හරහා ආර්ථිකයේ පිබිදීම වර්ධනය නතර වෙනවා.ඒ නීසා ආර්ථීකයේ වැදගත් සාධක වලට ආර්ථීකය ඉදිරියට යාමට බාධාවක් වන දේවල් වලට වැට් ඇතුලත් කලේ නෑ.
හැබැයි ඒ කිසිවක් තැකීමක් නොකර ජනවාරි 01 වැනිදා සිට සියල්ලටම වැට් ගහන්න පටන් ගෙන තිබෙනවා.ගෑස්,කිරි,පාසල් උපකරණ ජනතාවට ඉතා සමීප නිසා වැට් ගැහුවේ නෑ.ඒත් මේ ආණ්ඩුව ඒ ක්ෂේත්‍ර පවා වැට් බද්දට ඇතුලත් කර තිබෙනවා.ඒ කියන්නේ 2023 ආර්ථික අර්බුදය තුලින් ඔබේ ජීවිතයට ගෙන ආ පීඩාවන්ට වඩා වැඩි පීඩනයක් මේ වසරේදී ඔබට ගෙනවිත් දී තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට එහෙම හරි සැලැස්මක් වැඩ පිළිවෙලක් තියනවා... මොකක්ද ජෙප්පන්ගේ සැලැස්ම .... කියවීම පමණයි
රනිල් රාජපක්ෂ කල්ලිය මේ රටේ දේශපාලනයෙන් සදහටම චුත කරන මුල්ම සංඥාව මාතර ජාතික ජන බලවේගයේ කාන්තා සමුලුවෙන් නිකුත් උනා......
අලි/පොහොට්ටු හවුල පරදවන , රට දිනවන බලවේගය !
හැඳිමිටට
වර්තමාන රජය යටතේ වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් මතුව තිබේනම් ඔබගේ විසදුම රටේ කාන්තාවන්ට කියන්න.
ඉවසා සිටිමු. තව ටික දවසනෙ. ඔබතුමල ආවම ඔක්කොම හරි යනවනෙ
මේ සෙනඟ අදින්න බස් කීයක් කුලියට ගත්තාද?
ජෙපීස්ලා ගහන කයිවාරු වල හැටියට නම් ඡන්දේ තිබ්බේ නැති ටික විතරයි. ඔවුන් ඡන්ද සීයට හැත්තෑවක් අසූවක් අරගන්නවාලු. ඉතින් එහෙම නම් මොකටද තව සටන්...? කොහොමද මේ අයගේ පච...? දින්නොත් කොහොම පච කෙළියිද?