
(ආරියරත්න රණබාහු )
කාන්තාවන්ට මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා කරන්නේ ඔවුන් දේශපාලන වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන භාණ්ඩ සඳහා නොවේ යැයි ජාතික ජනබලවෙිගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලන්ඩනයේදී පැවසුවා ය.
සමස්තයක් ලෙස ප්‍රචණ්ඩ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඊට අලුත් අර්ථයක් දිය යුතු බව කී ඇය ඒ සදහා සුදුසුම තැන මාලිමාව යැයිද කීවාය.
ලන්ඩන් නුවර පැවති ජාතික ජනබලවෙිගයේ කාන්තා සමුළුව අමතමින් ආචාර්ය අමරසූරිය මහත්මිය එම අදහස් පළකළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසයි අහන්නේ. දැන් ඔය එංගලන්තේ පදිංචිවෙලා ඉන්න මේ කාන්තාවෝ එනවද ලංකාවට ඡන්දේ දෙන්න ? ඔය සමහරුන්ට ලංකාවේ පුරවැසිකමත් නැහැ . ඉතින් ඔය වගේ පිරිස් එංගලන්තේ හෝ වෙනත් රටවල එකතු වුනා කියල මාලිමාවට නෙවෙයි වෙනත් කිසිදු පක්ෂයකට වැඩක් නැහැ .
ජාජබයින්ගෙන් කාන්තාවට සිදුවන සෙත, සාන්තිය ගැන දැනගන්න හොඳටම පුළුවන් කිසියම් හෝ කාන්තාවක් ජාජබය ක්‍රියාවක් විවේචනය කළොත් හෝ ප්‍රශ්න කළොත්. ජාජබ කේවට්ටයන් සැනෙකින් කුපිත වී එම කාන්තාවට ලොවෙත් ඉන්න බැරිවන ලෙස සමාජ මාධ්‍යයේ මඩ ගසන හැටි, අවලාද නගන හැටි, හොඳ හැටි එවිට බලාගන්න පුළුවන්...
ඔබගේ උත්සාහය අපේ කාන්තාවන්ට සිහින ලොවක් මවාපා බලයට එන්න. ඔබ කාන්තාවන් පෙනී සිටින සමාජ සමානත්වය, කාන්තා අයිතිවාසිකම් ස්කොට්ලන්තයේ ආචාර්ය පදවිය ලබා එවැනි ක්‍රියාවක් අගය කරමි. නමුත් ඔබගේ උත්සාහය කොයියෙක් වලිගයෙන් ඇල්ලීම වැනි දෙයක් නොවේද? ඔබගේ ඉලක්කයට පැමිණීමට නම් අපේ පීතෘ සමාජය මුලින්ම වෙනස් කළයුතුව ඇත. අති දියුණු රටවල කාන්තාවන් පවා තවම එම සමානත්වය ලබා නැත. එමනිසා ඔබ මේ කාන්තාවන්ට රනිල්ගේ නියාමනයට මුලා නොකොට කළහැකි දෑ පොරොන්දු වෙන්න, ඔබලාට මෙවර ජය ගන්නට නොහැකිය... නමුත් අදහස් අගේ කළ යුතුයි.
නුවණ හැඳිමිටක් පමණ නිසා හිතන්නේ හැඳිමිටේ දිගට නිසා එක මිටට අල්ලාගෙන ඒක ලණුවෙන් බැඳගෙන වේදිකාවට ගෙනෙන්න පුළුවන්. ලැයිසන් දෙනවා කියලා මැඩම් කෙනෙක් කිව්වා නේද?
අයියෝ.. එහෙම රෙස්ට්‍රික්ෂන්ස් දානකොට අර ලාල් අයියාගේ පෙරහැර කන්සෙප්ට් එක එහෙම් පිටින්ම චොර වෙනවා නේද? මොකෝ මණ්ඩලේ කචල් ද එක කතාවක් නැත්තේ?
කුලියට කමෙන්ට්ස් දාන සෙට් එකක් ඇවිල්ලා වගේ. හොඳ රස්සාවක් හොයා ගන්න... කුලියට බයියන්ට කරන්නේ නැතුව...
ලංකාව කියන්නේ ලෝකයේ ප්‍රථම අගමැතිණිය වගේම ප්‍රථම සහ තෙවෙනි රාජිණියන් බිහිකළ රටක්...
මේකෙ ඉන්න සමහරුන්ට හොඳ සාරිපොට කරට අරගෙන පොලිස් කාරයින්ගේ මුහුණට මුහුණ තියන හිරුණිකා, වගේ වීර කාන්තාවෝ, වැදගත් යමක් කියනකොට මෙච්චරකල් තම තමන්ගේ පක්ෂය සමෘද්ධියට බත් එකට බස්වල නග්ගලා රැස්වීම්වලට දක්කපුවා අමතක වෙලා මඩ හොයනවා. ඔය මඩ මදි හරිනිල වගේ උගත් අයට ගහන්න.
මොලේ උඩ ඉන්න වහල්ලු ටිකක් කමෙන්ට්ස් කරලා. හරිනී අමරසූරිය මහත්මියගේ දැනුම සහ උගත්කමට ඔය එකෙකුටවත් කිට්ටු වෙන්න පුළුවන්ද?
එන්න යළිත් ලංකාවට, අපි අපමණ අගයක් දෙනවා...
දැන් ඉංග්‍රිසි කතාකරන ඉංග්‍රිසි හලල ගිය කාන්තාවෝ ලංකාවට ඇවිත් ජෙප්පන්ට චන්දය දෙයිද? ඇවිත් රනිල්ට දීල යයි ටයි කොට් ඇදල ඉන්න නිසා.
අයියෝ මෙි දවස්වල තදේට සීතලයි. මේ අම්මල ගෙදර යන්නෙ පට්ට සීතලේ බොහොම දියාරු වෙච්ච මානසිකත්වයෙන්. රෑට නිදාගෙන උදේට ඇහැරුනාට කලින්දා මොනවද වුණේ කියල නිනව් නැතිව තමා නැගිටින්නෙ ඒතරංතද සීතල.
හොදයි ... අපි හිතමු රන්ජන් ගැන ... පබා ගැන ...හා නැද්ද ?????
මේ නටන උන්ටයි කියන්නේ . අපේ සල්ලි වලින් ඉගෙන ගෙන, අධිරාජ්‍යවාදී සුපිරි ධනවාදී රටක ට වී සුර සැප විඳින නුඹලා ට මෙහේ සමාජවාදයක් ගේන්නද උවමනාව ? නුඹලාත් පරම්පරාවත්, සුපිරි ධනවාදය බුක්ති වින් දාට කමක් නැහැ. මුන් සමාජවාදේ හදලා, රතු හමුදාවක් දා ගත්ත දාට නුඹලා ගේ දරුවන් එවනවාද මෙහේ ජීවත් වෙන්න? රට දාලා ගියා නම් දෙයියන් ගේ නාමෙන් ඔහෙට වෙලා හිටපල්ලා..
Nimal ලංකාව කියන්නේ ලෝකයේ ප්‍රථම අගමැතිණිය වගේම ප්‍රථම සහ තෙවෙනි රාජිණියන් බිහිකළ රටක්. එසේ රට වෙනුන් තම පවුද්ගලික ඉඩකඩම් පරිත්‍යාගකල තවත් ජනහිත කාමී විශාල වැඩකොටසක් කරපු ප්‍රථම අගමැතිනිට විරුද්දව නේද පාහර චේගුවේරා නොහොත් ජේවීපී හැත්ත ලේසැලෙන විප්ලව කරන්න ගියේ? එතුමිය ජේවීපී කාරයින්ට රටට කරන්න දෙයක් ඉතුරු කලාද?.හරිනි අමරසුරිය කියන්නේ කොහෙන් පාත් උන ගැහැනියක්ද? කාගේ කවුද?
අපොයි ඔහොම රටට දැයට ආදරේ කරපු ගෑනු කණ්ඩායම මතකනේ .හොටු පෙර පෙරා සින්දු කිව්වා .මගේ සිරිලක ගැන ලෝකෙට කියමි මම .තුක් නොදකින් මේ හිවල් ගෑනු රල.උන් කෝ දැන් ?
කාන්තාවන්ගේ රැස්වීම් දැකලා වහලුන්ට අවුල් වගේ. කවදාවත් නොහිතපු විදියට ගැහැණු පාරට බැස්සේ දූෂිත දේසපාලුවෝ කරපු වැරැදි නිසා.. ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිකරපු නිසා. ඕනෑකමක් තියෙනවා නම්, පොහොට්ටුවේ, ස.ජ.බෙ. කාන්තා රැස්වීම් තියන්න බැරියෑ...