ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරුදැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊට යටවී තුවාල ලැබූ බව පැවැසෙයි.
ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෝටර් රථය පදවමින් සිටියේ 40 හැවිරිදි කාන්තාවකි. වේගයෙන් ධාවනය කරමින් තිබුණු මෝටර් රථය පාලනය කර ගැනීමට ඇයට නොහැකි වී ඇති අතර, මෝටර් රථය ප්‍රාථමික පාසලේ වැටේ හැපී, එම වැට පෙරළා ගෙන පාසල් භූමියට කඩා වැදුණු බව සිද්ධිය දුටුවෝ පවසති.
පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද පැවැසෙයි. ඇය සමඟ මෝටර් රථයේ කුඩා දරුවකු සිටි නමුත් එම දරුවාට අනතුරක් සිදුවී නැත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා
Liyanage Wednesday, 30 October 2024 10:53 AM
ලංකාවේ කාන්තාවක් නොවේද ?