
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පනවා ඇති අගුලුදැමීමේ සීමා ලබන බදාදා (28) ඉවත් කිරීමට නියමිතය.
ඉකුත් ජූනි මාසයෙන් පසු මෙම සති අන්තයේදී නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම ඊට හේතුවයි.
ඒ අනුව නගර බලධාරීන් අද පැවසුවේ නගරය නැවත විවෘත කිරීමට සූදානම් බවයි.
දෙවැනි කොරෝනා රැල්ල ඕස්ට්‍රේලියාවේ පැතිරීමේ මධ්‍යස්ථානය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වූ අතර එරටින් වාර්තා වූ මරණවලින් සියයට 90 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.
එම ප්‍රාන්තයේ අගනගරය වන මෙල්බර්න් නගරයේ දින 111 ක කාලයක් අගුලුදැමීමේ සීමා ක්‍රියාත්මක විය.
ඉකුත් ජූලි මාසයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 700 ඉක්මවීය.
කෙසේ වෙතත් වෛරසය පැතිරීම පාලනයට ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ක්‍රමයෙන් ආසාදිතයින් සංඛ්‍යාව අඩුවූ බැවින් නගරය යළි විවෘත කිරීමට අවස්ථාව උදාවිය.
බීබීසී ඇසුරෙනි
226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd