එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතු බව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය දන්වා ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරන් යන මහත්වරුන් පෙරේදා රාත්‍රියේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
“එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කර තුරු අපට ඉන්න පුළුවන්. ඉන්පසු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ගැන සාකච්ඡා කරන්න පුළුවන්” යැයි එම පක්ෂවල ප්‍රකාශකයෙක් පැවසීය.
නව සන්ධානයේ තවත් පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ අර්බුද විසඳා ගත යුතු බවය.
“එක්සත් ජාතික පක්ෂය සන්ධානයට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ නොකළ යුතු” යැයි ඔහු පැවසීය.
නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතා පැවැසීය.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දෙනා ජනතා විමුක්ති පෙරමුණ සමග ජනාධිපති මැතිවරණයට පමණක් එකතු වෙන්න. ඊට පස්සේ මහා මැතිවරණය වෙනම ඉල්ලන්න.
එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ අර්බුද නැත. නුසුදුස්සන් පිරිසක් පාක්ෂිකයා නොමග යවමින් පක්ෂයේ බලය පැහැර ගැනීමට දරන දෙවන උත්සාහය ශබ්දයෙන් නොව බුද්ධියෙන් පරාජය කරමු. පුස්සන්ගේ බොළඳ වැඩ නිසා පක්ෂය 1992 1993 තිබූ ඇදවැටීමට යළිත් සිදුවීමට ඉඩ නොදෙමු...
අපේ වත්තේ මී හරකෙක් බැඳලා උන්න. ඌව හොඳ නැතිද ඔය වැඩේට...?
එජාපයට තියෙන්නේ ඔවුන්ගේ බෙරපදයට නටන එකයි. සන්තෝසද එජාපයට?
ඔන්න සජිත් යූ.එන්.පී යටත් කෙළවෙන්නයි යන්නේ. ඕකටනේ ඔයා දැඟලුවේ... පොඩ්ඩක් තටුගසන කොට ඉදිමෙන්න යනවා.
රනිල්ගේ කාලේ ඉවරයි ද...
දැන් එතකොට යුඑන්පි එක පිලිබඳ තීරණ ගන්නෙත් හකීම්, දිගා සහ රිෂාර්ඩ්
අවලංගු කාසි භාවිතයෙන් ඉවත් කරලා රටත් පක්ෂයත් රැකගන්න එජාපෙ අයට හොඳම අවස්ථාව. බලමු අපි මේ වතාවෙවත් මොලෙන් වැඩක් ගනීද කියල.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ පක්ෂ නායකයා නොවේද? නැතිනම් නායකත්වය අනුමැතිය අනුව නේද අපේක්ෂකයා තේරීම සිදු කල යුත්තේ. එක එක අයට ඕන විදියට නොවේයි.
සාෆිව ඔතැනට දාමු. එයාට කොහොම හරි MBBs එකක් තියෙනවනේ. එස්.එස්.සී. වත් නැති අයට වඩා ඒක හොඳයිනේ...
අපේක්ෂකයා රනිල්, මොකද කියන්නේ...?
බයවෙන්න එපා, එජාපයෙන් කවුරු ආවත් මේ නරියෝ ටික පස්සෙන් එනවා..!
තුම්සේලා මොනවා කීවත් එජාපයින්ට පොල් පිත්තක් ආවත් කමක් නැත.