
(විමුක්ති එස් රුද්‍රිගු)
මාලදිවයිනේ රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා යාමට පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් යානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝමා රාජපක්ෂ මහත්මිය සහ ආරක්ෂකයන් දෙදෙනා එම ගුවන් යානයෙන් නොගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) මාලදිවයින් වේලාවෙන් පස්වරු 11.25 ට සිංගප්පූරුවට පිටත් වීමට නියමිත තිබූණි.
මාලදිවයිනේ වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර සිංගප්පූරුවට ළඟා වීමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යැවිය හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඪිට්ට දම්ම වේදනීය කර්මය මෙ ආත්මෙදිම පලදෙන හැටි. ධාර්මිකව රට පලනය කරන්නම මෙවන් කර්මයක් ගෙවන්න වෙන්නෙ නේද? රජකම් කලත් කලකම් පලදේ.
සිංහල ව්‍යාකරණ හරිද මේ ප්‍රවෘත්තියේ? කරුනාකර හරියට ලියන්න
මාර වැඩේනෙ වුණේ මෙතුමාට... කර්මය කියන්නේ ඕකට තමයි...
ඔහු තවමත් අපේ රටේ ජනාධිපති නිසා ඔය වියදම් දරන්නේ ආණ්ඩුවෙන්ද?