
(රොමේෂ් මධුෂංක)
මුලතිව් ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ගමන්ගත් කැබ් රථය අද (27) සවස ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පැවසීය.
වෛද්‍යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝදරථයක් පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකපල කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ ද ඒ වන විටත් මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරු පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අනතුරක් වුනත් ත්‍රීවීලර් එකක සම්බන්ධයක් බොහෝවිට තියෙනවාමයි නැත්නම් ඉතින් ටිපර් එකක් .එහෙම බලද්දි යතුරු පැදි ,ත්‍රීවීලර් හා ටිපර් රථ මාර්ග අනතුරු වලට ප්‍රධාන හේතුවක් වෙනවා
මාර්ගයක රථයක් පදවන කොට ඉවසීම බොහොම හොඳට ප්‍රගුණ කර තිබිය යුතුයි .ඉක්මන් කොටයි කියනවානේ .එහෙම නැතිනම් අනතුරක් තමයි .අපරාදේ රටකට වටිනා සේවයක් කරන වෘර්තිකයකුගේ ජීවිතය නැති උනා .ඔහුට නිවන් සුව පතමි
අපේ මග මරුවන්ට ඉවසීම නෑ.උන් ඉදිරියෙන් ළඟ එන වාහනය පෙනි පෙනී තමයි ඉස්සර කරන්නෙ.ටිපර් කාරයාගෙ වරද.බරවාහනයක උපරිම වේගය පැයට කි.මී.40.
ටිපර් කාරයාගෙ වරද.වටිනා ජීවිතයක් නැත් වුනා .
බොහෝ වෙලාවට ත්‍රීවීල්රථ පාරේ මැද හිමින් යනවා. අනතුරුවලට මේකත් ප්‍රධාන හේතුවක්...