( සිතුම් චතුරංග)

මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ  නිවසකට ඇතුළුවූ පිරිසක් ව්‍යාපාරිකයකුට පහරදී ඝාතනය කොට ඇතැයි මුලතිව් පොලිසිය පවසයි.

තියුණු ආයුධ හා පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවත් පහරදීමෙන් බරපතල තුවාල ලබා සිටි ව්‍යාපාරිකයා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයිද පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ මුලතිව් , චෙම්මනි පදිංචි එස්. සුදන් නැමති වයස අවුරුදු 38ක පුද්ගලයකි.

ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ නිවසෙහි රැදී සිටියදී පුද්ගලික ආරවුලක් මත ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් උරණවූ පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණයවූ බවද සඳහන් කළේය.

පහරදීමට පැමිණි සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් හදුනාගෙන ඇති අතර අත්අඩංගුවටගැනීම සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන  බවද පොලිසිය පැවසීය.

මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.