
(රොමේෂ් මධුෂංක)
මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) කිසියම් නාඳුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය පවසයි.
ගොවියා කුඹුරට ගොස් සිටින අතරවාරයේදී කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් ඇත.
එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මරු කොට යවා ඇත. මෙලෙස වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කල්විලාන් ප්‍රදේශයේ ගොවි සංවිධානයේ ලේකම්වරයාය.
ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩි සෙයින් විරෝධය පෑම හේතුවෙන් වැලි ජාවාරම් කරුවන් මෙම වෙඩිතැබීමට සම්බන්ධයක් ඇත්දැයි යන්න සැක සහිත බවටද පොලීසිය පැවසීය. කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd