(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වූහ.
විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුළදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (20) රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වී ඇත.
පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අද (21) දිනයේදී හා හෙට දිනයේදී (22) මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට රැගෙන යාමට කටයුතු යොදා ඇති අතර 23 වැනි සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!!!
මුලතිව් ගුරුකන්ද විහාරයට හා අවට ජනතාවට නායකත්වය දුන් ඔබවහන්සේට සඟමොක් සුව පතමු.
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා...!!!
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා..!!!
කියා නිම කළ නොහැකි පාඩුවක්. නිවන් සුව ලැබේවා...!!! පන්සලට අලුත් හිමි නමක් වඩිත්වා...
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!
හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!!!
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!
අපේ පෙර විසු ගරුතර භික්ෂුන් බොහෝමයක් අපවත් වුයේ අවුරුදු 90 100 ආයුෂ විඳ නිරෝගී සුවයෙනි. ඒ බුදුන් වදාළ උතුම් විකාල බෝජනය පිළිපැදීමෙනි. අද මේ එක එක සේනා ,බලකා කියන සංවිධාන පිහිටුවාගෙන ඔවුන් විසින් භික්ෂු සමාජය උඩු යටිකුරු කර භික්ෂුන්ට බුදුන් වදාළ විනය මාර්ගයේ ගමන් කිරීම වලකා මඩ ගොහොරු දේශපාලනයට භික්ෂුන්ව හරවාගෙන . මේ ක්‍රියාවන් වහා නැවතිය යුතුයි. නැතිනම් අපේ සංඝ සමාජය පිරිහෙනවා.ගරුතර නායක හිමිට මගේ ශෝකය.
මුලතිව් ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය වෙනුවෙන්ම ජීවිතය කැප කළ ඔබවහන්සේ අන්යන්ටද ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!
නිවන් සුව ලැබේවා !
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා.
නිවන් සුව පතපු ප්‍රතිචාර වලට ඩිස්ලයික් දාපු අය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඔවුන්ට ජාතියක් ජන්මයක් තියෙනව ද කියලා. අපි ඕනෑම අයෙකුට ඉත සිතින් කරන ප්‍රාර්ථනාවක් ඒක. ඒකට විරුද්ධයි කියන්නේ ආගමික ද්‍රෝහීන් කියන එකයි !
අපි එන්නද?