
(යොහාන් භාසුර)
මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26) කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.
එම අවස්ථාවට භික්‍ෂුන් වහස්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සරත් විරසේකර සහ ජයන්ත සමරවීර සහ දෙමළ සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
එම පිරිස නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ 7 පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලිපියක් භාරදුන්හ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධාන, ඊට සහභාගී වීමට තරම් කොන්දක් තිබූ සරත් වීරසේකර, ජයන්ත සමරවීර යන මන්ත්‍රී දෙපළටත්, විශේෂයෙන්ම අරුන් සිද්ධාර්තන් සමාජ ක්‍රියාකාරිකයාටත් පොදුවේ ඊට සිය සහභාගීත්වය ලබාදෙමින් සහාය වූ සැමටත් අපේ ආචාරය...! ජෙප්පන්, පෙරෙට්ටන්, සුමන්තිරන්, සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන්, හකීම්, බදුර් වැනි මුස්ලිම් ජාතිවාදීන්, ඊනියා සිවිල් සංවිධාන ඇතුළු සකලවිධ සිංහල, බොදු විරෝධීන්ට ඇහේ කටු අනිනවා වගේ ඇති මේවා දකින කොට...
අරගලයේ තවත් එක් විපාකයක් තමයි... තව තව බොහෝ දේ ඉදිරියේ දී සිදුවේවි. වර්ථමාන පාලනයෙන් නම් සෘජු මැදිහත්වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. පතෝල වගේනේ...!
එක සැරයක් ජාතිවාදීන් රට කරන්න ගිහින් රටම නැතිකරා... දැන් ආපහු මොනවාහරි කියලා ජාතිවාදය අවුස්සන්නයි යන්නේ..!
මෙන්න මේ විහාරස්ථානය රැකගන්න උදව් කරන්න... අන්තවාදීන්ට ඉඩදෙන්න එපා...