(ඉන්දිකා රාමනායක )
මාලිගාවත්ත සංඝරාජ වටරවුම් ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි.
වෙඩි පහරට ලක් වූ පුද්ගලයා ඔහුගේ නව වෙළඳසැලක් අද (1) විවෘත කර ඇති අතර, එම වෙළඳ සැලේ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd