(අංජුල මහික වීරරත්න)
මිල්කෝ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එහි සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ සමාගම් පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතයෝ මේ කාරණය දැනුම් දුන්හ.
මෙම සාකච්ඡාවට සියලු කාර්ය මණ්ඩල සහ වෘත්තිය සමිති නියෝජිතයින් ද සහභාගි වී සිටි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පාලනාධිකාරියේ වැරදි තීරණ හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයක් මිල්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලැබූ බව අමාත්‍යාංශය කියයි.
මිල්කෝ සමාගමේ කිරි ලීටර් 165,000කින් නිෂ්පාදන කටයුතු කළද පසුකාලීනව කිරි ලීටර් 55,000 දක්වා නිෂ්පාදනය අඩුවීම සම්බන්ධව පාලනාධිකාරිය අනිවාර්යෙන්ම වග කිව යුතු බව එම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙමනේ වුර්තීය සමිති වැඩ කරන්න ඕන! දුම්රිය, විදුලිය, දොස්තරලා වගේ කට්ටියත් මිල්කෝ සේවකයන් ගෙන් ඉගෙන ගත්තොත් නරක ද? රවී කුමුදේශ්, ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ වගේ හාදයන්ට කියල වැඩක් නා මොකද උන්දලා ජීවත් වෙන්නෙම හැම දෙයක්ම කඩාකප්පල් කරන්න නිසා.
අධික දූෂණය නිසයි පාඩු ලැබුවේ. තනිකරම පාලන අධිකාරිය වගකියන්නම ඕනි . මෙය ලාභ ලැබිය හැකි ආයතනයක්
විදුලිබල මණ්ඩලේ උන් ජල විදුලියෙන් විදුලිය නිපදවුවොත් කොමිස් නැති වෙන හින්දා ජලාශ ඇරලා වතුර යැව්වා. ඒක නිසා අන්තිමට ගොවීන්ටත් වතුර නැති වුනා. සූර්ය බල සංග්‍රාමය කාලේ ගෙනාපු ප්‍රොජෙක්ට් ගානකටම අනුමැතිය දෙන්නෙ නැතුව ඉඳලා ඒ මිනිස්සු ඒ ප්‍රොජෙක්ට් අකුලා ගන්න තරමටම ගෙනිච්චා. ඒ වුනාට මණ්ඩලේ උන්ට මොකක් හරි කිව්වම AKDට හොඳටම තරහ යනවා.මොකද එයාලා යැපෙන්නේ උන්ගෙන්නේ..
මේවා දැන් ප්‍රයිවට් කරලා දාමු...
මේවා අනිවාර්යයෙන් ලාබ ලබන්න පුළුවන්, නමුත් වෘත්තීය සමිති සහ පාලකයෝ දෙපිරිසම එකතුවෙලා හොරකම්, වංචා, දූෂණ කරපු නිසා පාඩුවෙලා... දැන් මේවා පුද්ගලික අංශයට දෙනවා කියලා දෙගොල්ලන්ටම බය හිතිලා..., ඕනෑම වුණොත් මාස කීපයක් හොරකම් නවතාලා දමාවි. ලාභලබාවි නමුත් අනිවාර්යයෙන් නැවත පරණ පුරුදු සෙල්ලම පටන් ගන්නවා. මේවා වහාම පුද්ගලික අංශයට සාධාරණ ටෙන්ඩර් ක්‍රමයකට යටත්ව දීර්ඝ කාලීන බද්දකට දෙන්න.
ඒ කියන්නේ මෙච්චර කල් ගත්ත වැටුපටවත් වැඩකරලා නැහැ හැබැයි 20000 පඩි වැඩිවීමක් ඉල්ලනවා.