IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිලක් නැති වට්ටක්කා ගෙඩි පිටින් දන්දෙයි

(කාංචන කුමාර ආරියදාස)

තලකිරියාගම තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ගොවි මහතකු අක්කර දෙකහමාරක සාර්ථක වට්ටක්කා අස්වැන්න  වෙසක් පුන් පොහෝ දින දන් දුන්නේය.

දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව එස්. වංගුව ආසන්නයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරන මහජනතාව වෙත බෙදා දුන්නේය.

මෙම අපුරු දන්සල සිදු කළේ ගලේවෙල තලකිරියාගම තෙන්නකෝන්පුර පදිංචි සුගත් වීරසිංහ මහතා විසිනි.

තමන් සතුව ඇති තවත් වට්ටක්කා තොග මේ ආකාරයෙන්ම දෙනට දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

දැඩි මහන්සියෙන් වගා කළ තමා වට්ටක්කා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ගිය ද ඒවා මිලදී නොගැනීම නිසා දැඩි සිත් වේදනාවෙන් සිටි මෙම ගොවි මහතා කිලෝ 12,500 පමණ දනට දුන්නේය.

 



අදහස් (3)

මිලක් නැති වට්ටක්කා ගෙඩි පිටින් දන්දෙයි

ගොවිරාළ Saturday, 06 May 2023 06:10 AM

මෙහෙම කිරීම පුන්‍ය කර්මයක් තමයි. ඒත් මේ ගොවීන් මේවා වගාකලේ ඔවුන්ගේ රැකියාව ගොවිතැන නිසා .ඉතින් මෙහෙම වුනාම ඔවුන්ගේ දරුපවුල් රැකෙන්නෙ කොහොමද? මේ ප්‍රදේශවල බොහෝවිට මේවා සිද්ධවෙනවා. ඉතින් මොවුන්ව වෙනත් වගාවකට යොමුකරන්න කෘෂිකර්ම නිළධාරින් උනන්දුවක් නොගන්නේ ඇයි? එනිසා කෘෂිකර්ම ඇමතිවරයා හා නිළධාරින් මේගැන අවධානයට ගන්නවා නම් ඉතාමත් හොදයි.

:       0       9

Weerasekara Saturday, 06 May 2023 09:41 AM

පසු අස්වනු තාක්ෂණය ..අගය එකතු කල නිෂ්පාදන ..වගේ දේවල් ගැන හොයන්නෙ නැතුව ඉන්නකන් ඔහොම දන්සැල් දෙන්න තමයි වෙන්නෙ..කොහොමත් මේ රටේ පාලකයන්ට ඕව කරන්න ඕන කමක් නෑ.නිලධාරීන් ඊට හපන්.තමන්ගෙ මහන්සියෙන් හොයල බලල කර ගන්නවා නම් ඒකෙ වාසිය තමන්ට.

:       0       9

Pradeep Kumara Saturday, 06 May 2023 01:02 PM

මේ ආත්මයට ලොකු සහනයක් නොදැනුනත් ඔබ මතු ආත්මයකට කර ගත්තේ මහත් පුන්‍ය ක්‍රියාවකි. අත්හැරීම ප්‍රගුණ කිරීමට මෙය පිටුවහලක් වේවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site