
(කාංචන කුමාර ආරියදාස)
තලකිරියාගම තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ගොවි මහතකු අක්කර දෙකහමාරක සාර්ථක වට්ටක්කා අස්වැන්න වෙසක් පුන් පොහෝ දින දන් දුන්නේය.
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව එස්. වංගුව ආසන්නයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරන මහජනතාව වෙත බෙදා දුන්නේය.
මෙම අපුරු දන්සල සිදු කළේ ගලේවෙල තලකිරියාගම තෙන්නකෝන්පුර පදිංචි සුගත් වීරසිංහ මහතා විසිනි.
තමන් සතුව ඇති තවත් වට්ටක්කා තොග මේ ආකාරයෙන්ම දෙනට දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
දැඩි මහන්සියෙන් වගා කළ තමා වට්ටක්කා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ගිය ද ඒවා මිලදී නොගැනීම නිසා දැඩි සිත් වේදනාවෙන් සිටි මෙම ගොවි මහතා කිලෝ 12,500 පමණ දනට දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කිරීම පුන්‍ය කර්මයක් තමයි. ඒත් මේ ගොවීන් මේවා වගාකලේ ඔවුන්ගේ රැකියාව ගොවිතැන නිසා .ඉතින් මෙහෙම වුනාම ඔවුන්ගේ දරුපවුල් රැකෙන්නෙ කොහොමද? මේ ප්‍රදේශවල බොහෝවිට මේවා සිද්ධවෙනවා. ඉතින් මොවුන්ව වෙනත් වගාවකට යොමුකරන්න කෘෂිකර්ම නිළධාරින් උනන්දුවක් නොගන්නේ ඇයි? එනිසා කෘෂිකර්ම ඇමතිවරයා හා නිළධාරින් මේගැන අවධානයට ගන්නවා නම් ඉතාමත් හොදයි.
පසු අස්වනු තාක්ෂණය ..අගය එකතු කල නිෂ්පාදන ..වගේ දේවල් ගැන හොයන්නෙ නැතුව ඉන්නකන් ඔහොම දන්සැල් දෙන්න තමයි වෙන්නෙ..කොහොමත් මේ රටේ පාලකයන්ට ඕව කරන්න ඕන කමක් නෑ.නිලධාරීන් ඊට හපන්.තමන්ගෙ මහන්සියෙන් හොයල බලල කර ගන්නවා නම් ඒකෙ වාසිය තමන්ට.
මේ ආත්මයට ලොකු සහනයක් නොදැනුනත් ඔබ මතු ආත්මයකට කර ගත්තේ මහත් පුන්‍ය ක්‍රියාවකි. අත්හැරීම ප්‍රගුණ කිරීමට මෙය පිටුවහලක් වේවා.