(මහින්ද නිශ්ශංක)
ලොතරැයි පතක මිල රුපියල් හතලිය දක්වා වැඩි කළ ඊයේ (6) දින ලොතරැයි අලෙවිය ඉතා සාර්ථක බව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.
විශේෂයෙන් රටපුරා බොහෝ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් උනන්දුවෙන් හා කැපවීමෙන් ලොතරැයි අලෙවි කිරීමත් ත්‍යාග මුදල් වැඩි කිරීමත් අලෙවිය සාර්ථකවීමට ප්‍රධාන හේතුව බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී හසිනි ජයසේකර මෙනවිය පැවසුවාය.
විශේෂයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඇතැම් ලොතරැයි පත්වල ත්‍යාග මුදල් දෙගුණ තෙගුණ කිරීමත් සමහර ලොතරැයි පත්වල ත්‍යාග මුදල් 2000 සිට 5000 දක්වා ද රුපියල් 10000 තෑගි මුදල 10,0000 දක්වා වැඩි කළබව ද ඇය කීවාය.
අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් සදහා මණ්ඩලය මගින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ද සාමාන්‍යාධිකාරී හසිනි මෙනවිය වැඩි දුරටත් කියා සිටියාය.
මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පැවසුවේ මණ්ඩලය බලාපොරොත්තු වූ පරිදි දිවයින පුරා ඉතා හොඳ තත්වයේ පැවති බවත් ලොතරැයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් සියයට 98 අලෙවියේ යෙදුන බවද සාමාන්‍යාධිකාරී අනුර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න එපා... මේක තනිකර වංචාවක්. මල් දිනුම් කවදාවත් ඇදෙන්නේ නෑ...
කම්මැලියන් ඉන්න රටක වාසනාවෙන් විතරක් දියුණු වෙන්න ඉන්න අය ඉන්නකන් ලොතරැයි මිල වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ... සමෘද්ධි අරගෙන ඒකෙන් ලොතරැයි හූරන්න.
මෙහෙ නම් වේලි වේලි ඉන්නවා...