(මහින්ද නිශ්ශංක)
ලොතරැයි පතක මිල රුපියල් හතලිය දක්වා වැඩි කළ ඊයේ (6) දින ලොතරැයි අලෙවිය ඉතා සාර්ථක බව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.
විශේෂයෙන් රටපුරා බොහෝ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් උනන්දුවෙන් හා කැපවීමෙන් ලොතරැයි අලෙවි කිරීමත් ත්‍යාග මුදල් වැඩි කිරීමත් අලෙවිය සාර්ථකවීමට ප්‍රධාන හේතුව බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී හසිනි ජයසේකර මෙනවිය පැවසුවාය.
විශේෂයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඇතැම් ලොතරැයි පත්වල ත්‍යාග මුදල් දෙගුණ තෙගුණ කිරීමත් සමහර ලොතරැයි පත්වල ත්‍යාග මුදල් 2000 සිට 5000 දක්වා ද රුපියල් 10000 තෑගි මුදල 10,0000 දක්වා වැඩි කළබව ද ඇය කීවාය.
අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් සදහා මණ්ඩලය මගින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ද සාමාන්‍යාධිකාරී හසිනි මෙනවිය වැඩි දුරටත් කියා සිටියාය.
මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පැවසුවේ මණ්ඩලය බලාපොරොත්තු වූ පරිදි දිවයින පුරා ඉතා හොඳ තත්වයේ පැවති බවත් ලොතරැයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් සියයට 98 අලෙවියේ යෙදුන බවද සාමාන්‍යාධිකාරී අනුර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මිල වැඩි කිරීම ලොතරැයි අලෙවියට බාධාවක් නෑ‘‘
Jayalath Saturday, 08 July 2023 07:02 AM
ගන්න එපා... මේක තනිකර වංචාවක්. මල් දිනුම් කවදාවත් ඇදෙන්නේ නෑ...
Prabash Saturday, 08 July 2023 11:20 AM
කම්මැලියන් ඉන්න රටක වාසනාවෙන් විතරක් දියුණු වෙන්න ඉන්න අය ඉන්නකන් ලොතරැයි මිල වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ... සමෘද්ධි අරගෙන ඒකෙන් ලොතරැයි හූරන්න.
නිහාල් Saturday, 08 July 2023 11:45 AM
මෙහෙ නම් වේලි වේලි ඉන්නවා...