
(යොහාන් භාසුර)
මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය.
බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තව දුරටත් ලැබී නොමැති බවත් ඔහු පැවසීය.
බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් උඩුවර මහතා කීය.
එම අධිකාරීයේ විමර්ෂණ නිලධාරීන් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200 කට අධික සංඛ්‍යාවක් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කරගන්නා අංක මාධ්‍යයෙන් දක්වනවා නම් ඉතා හොඳයි.
ගන්න එකක වත් තියන මිල නෙවෙයිනේ බිලේ තියෙන්නේ.... එහෙම වුණොත් අපිට කම්ප්ලේන් කර කර තමයි ඉන්න වෙන්නේ. මිරිස් තුනපහ බිස්කට් ඒවා විතරයි ගන්න වෙන්නේ.... නීතියක් හරියට හදා ගන්න බැරි රටක දුක් විඳින අපි ගැන දෙයියෝ තමයි බලන්න ඉතුරු. අනිත් අයට නම් කියන දේ වත් ඇහෙන්නේ නෑ. අවුරුදු තිස් හතලිස් ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා කරපු හරිය තමයි පේන්න තියෙන්නේ...!
එතකොට සුපිරි වෙළඳ සැලක් වන කීල්ස් ආයතනය මගින් කිසිවිටෙක බිල් පතක් දෙන්නේ නැහැ. ඒ ගැන අවධානයට නොගන්නේ ඇයි කියලා කියන්න පාන් ගෙඩියක්, බනිස් ගෙඩියක්... විකුණා ජීවත්වෙන වෙළෙන්දාට එක් ක්‍රමයක් හා මහා පරිමාණයේ අයට තවත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සාධාරණයක් නැහැ...
අන්තර්ජාලයේ භාණ්ඩ හා සේවා අලෙවි කරන බොහෝ පිරිස් තමන් අලෙවි කරන භාණ්ඩ හෝ සේවාවන්හි මිල සඳහන් කරන්නේ නැහැ බොහෝ පාරිභෝගිකයන් මිල ගැන විමසන විට පෞද්ගලිකව ලබා ගන්නා ලෙස (Inbox) දැනුම් දෙනවා මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ගතහැකි ක්‍රියාමාර්ගයක් තිබේද?
වෙලෙන්දන් ඒගොල්ලන්ට ඕන විදියට වැඩි මිලට භාණ්ඩ විකුණනවා.එළවලු ඇතුළු සියලුම බඩු.මේ සඳහා පියවර ගන්න