IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ

(මනෝප්‍රිය ගුණසේකර)

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් අද (16) නියම කළේය.

මීට වසර 26කට පෙර පිහි සහ පිස්තෝල පෙන්වා සිදු කළ කොල්ලකෑමේ චෝදනාවන් වරදකරුවන් බව තීරණය කරමින් ඔවුන්ට මෙලෙස ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 40000/-ක දඩයකටද යටත් කෙරිණී

චෝදනාවන්ට වරදකරුවන වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මංජුල සන්ජීව සහ ජෙලබ්දීන් අලී කාන් නමැත්තන්ටය

1997 නොවැම්බර් මසයේ හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී නීතී විරෝධී කල්ලියක සාමාජිකයින්ව සිටිමින් පිහි සහ පිස්තෝල පෙන්වා රුපියල් 7500/- මදලක් කොල්ලකෑම

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙළ බැඳී රුපියල් 11000/- 48000/- සහ රුපියල් 8000/- වටිනා රන් මාල තුනක් කොල්ලකෑම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී

විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා මුලින්ම නඩු පවරා තිබුණත් පළමු විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කළ අතර නඩු විභාගය අතරතුරුදී නඩුවේ 05 වැනි විත්තිකරු මියගොස් තිබිණී

නඩුවේ 03 වැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සිය`ථ චෝදනා වලින් ඔහු නිදහස් කළේය

සෙසු විත්තිකරුවනන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන්ට ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් සහ රුපියල් 20000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී



අදහස් (32)

මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ

Nath Monday, 16 January 2023 08:50 PM

දේශපාලකයින් පරෙස්සම් විය යුතුයි.

:       0       3

siri Monday, 16 January 2023 08:57 PM

කෝච්චි පෙට්ටිවල ඔය වැඩේම කරපු සමහරුන්ට ලැබිච්ච පුදුමාකාර දඬුවම් ගැන ආරංචි නැද්ද?

:       1       3

ටාසන් Monday, 16 January 2023 10:54 PM

තීන්දුව දෙන්න අවුරුදු 26යි. දඩය ගෙවන්නැත්තන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට තව මාස 9ක් එකතුවෙනවලු.

:       0       48

NK Monday, 16 January 2023 11:39 PM

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දී, දඩය නොගෙවනිනෙ නම් “අමතර” මාස නවයකුත් දෙන්නෙ කෙසේද? ඔවැනි නඩුවකට අවු 26ක් ? අපිට සිස්ටම් වෙනසක් අවශ්‍යයි.

:       2       48

sam Tuesday, 17 January 2023 01:12 AM

දඩේ නොගෙව්වොත් ජීවිතාන්තය දක්වා හිරේ ඉඳලා, මළාම මිනියටත් තව මාස නමයක් හිරේ ඉන්න වෙනවා!

:       1       43

Haffeez Tuesday, 17 January 2023 02:27 AM

කළුතරින් පාර්ලිමේන්තු ගොස් කැබිනට් ඇමති ධුරයක් ලබාගැනීමට මූලික සුදුසුකම් සපුරා ඇත..

:       2       61

සුසන්ත Tuesday, 17 January 2023 02:01 PM

දියුණු වෙන මිනිහෙක් නෙවෙයි. ජනපති වෙන්න කවදාවත් බෑ.

:       0       5

ගමේ එකාලා Tuesday, 17 January 2023 04:01 AM

අපේ ගම් පළාතේ කෝච්චියේ මාල කඩපු ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා.දේසපාලනේට සම්බන්ධ නම් කිසිම අවුලක් නැහැ .

:       3       56

K g Tuesday, 17 January 2023 04:09 AM

රටේ සිස්ටම් එක අසාර්ථකයි

:       0       32

Nayan Tuesday, 17 January 2023 06:23 AM

නියමයි... රටම හොරාකාපු උන් කවුන්සිලේ ඉඳන් සැප විඳිනවා....

:       1       43

anura Tuesday, 17 January 2023 08:23 AM

අමතර 9 ගෙවන්න වෙන්නේ.........? පරලොවද?

:       0       31

chinthana Tuesday, 17 January 2023 08:25 AM

ජිවිතාන්තය දක්වා හිරේ ගිය අයට අමතර මාස 9 දෙන්නේ කොහොමද.?

:       0       28

AndreW Tuesday, 17 January 2023 08:37 AM

එතකොට කෝ රෝහිත අබේගුණවර්ධනට යුක්තිය

:       1       39

Ajantha Tuesday, 17 January 2023 08:39 AM

රටම කොල්ල කාපු අය නිදැල්ලේ ඉන්නවා.

:       0       30

Amarasinghe Tuesday, 17 January 2023 09:36 AM

නියමයි ඔය වගේ තීන්දු දෙනකොටවත් හොරු ටිකක් අඩුවෙයි.

:       7       18

රංජිත්Tuesday, 17 January 2023 11:30 AM

මෙයා කළුතරින් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිත් කියයි පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා හිරේ දාන්න බෑ කියලා...

:       1       1

kamal Tuesday, 17 January 2023 10:13 AM

ඇනස්ලි, බර්ටි, සැමුවෙල් නැති වුණාට ඒ අඩුව පුරවන්න කට්ටියේ අඩුවක් නැහැ...

:       0       1

කිරිපුතා Tuesday, 17 January 2023 10:27 AM

මේ වගේ නඩුවක් අවුරුදු 20ක් ඇහුවා කියන්න බෑ. අවුරුදු 20 ක් කල් දදා ඉඳලා. ඒක බරපතල කාරණයක් රටට...

:       0       2

Aravinda Monarawila Tuesday, 17 January 2023 10:54 AM

මිලියන ගණන්, බිලියන ගණන් හොරාකෑව අය නිදොස්කොට නිදහස්.... වෙන රටක මාල 3ක් කඩලා ජීවිතාන්තය දක්වාම හිර ගෙදරට යන්න වීම අවාසනාවක්ද? විහිළුවක්ද? කියලා හිතාගන්න බැහැ...

:       1       2

sam Tuesday, 17 January 2023 11:25 AM

බැරිද අර පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රසිද්ධ මාල හොරාට කෝච්චිවල කඩාගත්තු මාලවලට ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න...? දැන් රජය දේපළ හොරාකකා යහතින් ඉන්නවා. මොකද පක්ෂයේ ඔක්කෝම කම්බ හොරුනේ... ඉතින් එකම සෙට් එක හින්දා බේරිලා ඉන්නවා.

:       0       2

Kumara Tuesday, 17 January 2023 11:35 AM

එතකොට කොහොම දඬුවමක්ද දෙන්න ඕනේ...

:       0       0

fairoos Tuesday, 17 January 2023 12:45 PM

මේ දෙන්නත් මැරුණට පස්සෙම තීන්දුව දෙන්න තිබ්බා.

:       0       1

Nandasena Tuesday, 17 January 2023 12:55 PM

රාජපක්ෂ වික්‍රමසිංහ ඇතුලු බිලියන ගනන් හොරා කාපු දේශපාලුුුවන් අල්ලලා ජීවිත කාලෙම හිරේ දාන්න බැරි නඩු කාරයගෙ ............... නීතිය

:       2       8

ලුම්බිණි Tuesday, 17 January 2023 01:02 PM

නිදොස් කොට නිදහස් කරන්න තරම් වරදක් නැහැ නේ. ඒකයි දිවි ඇති තෙක් හිරේ.

:       0       4

Hafeel Tuesday, 17 January 2023 01:23 PM

සමහරුන් මාල කඩලා ඇමති වෙනවා, සමහරුන් හිරේ යනවා.

:       0       15

සුසන්ත Tuesday, 17 January 2023 02:03 PM

සමහරු බැංකු කඩල රජ වෙන්න.

:       3       9

Susantha Tuesday, 17 January 2023 01:57 PM

දඩුවම අපරාධයට ප්‍රතිලෝමව අනුගත වේ. ලොකුම බැංකුව කොල්ල කාලා ජනාධිපති වෙන්න පුළුවන්

:       2       8

Aruna Ramanayake Tuesday, 17 January 2023 02:10 PM

එතකොට ඔය අධිකරණයටම පුළුවන්නේ රටේ ධනය හොරා කාපු මරණ දඬුවම දෙන්න කොච්චර නඩු දැම්මත් ලොකු හොරු නිදහස් වෙන්නේ ඇයි

:       0       9

K W S M Dissanayake Tuesday, 17 January 2023 03:25 PM

මහ බැංකුව කඩපු එවුන්ට කොහොම දඬුවම් ලැබෙයිද ?

:       0       5

හදවනි Tuesday, 17 January 2023 04:01 PM

නඩුවට අවුරුදු 26ක් හොදටම මදි. අඩු ගානෙ අවුරුදු 50 ක් වත් අැදන් ගියා නම් විත්තිය වෙනුවෙන් නිති කතාකරන මහත්වරුන්ට සාධාරනයක් ඉටු වෙනවා.

:       0       1

Ratna P Wednesday, 18 January 2023 07:15 AM

ඔන්න ඔය විදියට මාල කඩපු උන් පාර්ලිමේන්තුවෙත් ඉන්නව නේද?

:       0       1

නිහාල් Wednesday, 18 January 2023 09:03 AM

මිනිස් ජීවිත 300යි සදාකාලික ආබාධිත අය 200ට එහා. දඩ විතරයි නිදැල්ලේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1151 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 345 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 578 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1013 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 689 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 882 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1201 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1499 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site