IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිල කළ නොහැකි පිළිමයක්-පිත්තල පහන් ගල් කරන්න හැදූ සාමි ඇතුළු දෙකක් මාට්ටු

 (ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල, කච්චුවත්ත, පුරාණ විහාරස්ථානයේ  කතරගම දේවාලයේ තිබි මිල කළ නොහැකි කතරගම දේවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වති හා විෂ්ණු දේවියන්ගේ පිළිමයක් ත්‍රිශුලයක්, සලඹ 52ක්, සිනු 32ක් හා  පිත්තල පහන් 08 ක් සොරකම් කළ  පුද්ගලයෙකු සහ  මෙකි භාණ්ඩ  ළග තබාගෙන  සිටි සාමිවරයකු අද (25) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාශ  අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  අක්මිමන, අංකොක්කාවල,මොරගලකන්දේ පදිංචි 39 හැවිරිදිවියේ පසුවන අයෙකු හා පානදුර ප්රවදේශයේ පදිංචි සාමිවරයෙකි.

 මෙකි සැකකරු පුජාවලට සම්බන්ධ වන මුවාවෙන්  කච්චුවත්ත විහාරස්ථානයට කිහිප වතාවක් පැමිණ ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. එහිදි  මෙම මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කිරිම සදහා සැලසුම්කොට ඇත. ඉකුත් 19 වැනිදින මෙකි භාණ්ඩවලින් කොටසක් සැකකරු විසින් සොරකම් කරගෙන ගොස්  ඇත. අවස්ථා තුනකදි  කච්චුවත්ත විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි  මුළුතැන්ගෙයි  පුජාව සිදුකරණු ලබන කරගතම දේවියන්ගේ පිත්තලම පිළිමයක්, සරස්වති දෙවියන්ගේ පිළිමයක්,විෂ්ණුදේවියන්ගේ පිළිමයක්,සලඹ 52ක්, සිනු 32ක් හා පිත්තල පහන් 08ක් සොරකම් කරගෙන ගොස් තිබුණි.

පසුව  සැකකරු විසින් කතරගම දේවියන්ගේ පිළිම ඇතුළු භාණ්ඩ පානදුර  ප්‍රදේශයේ  සාමිවරයකු වෙත අලෙවි කිරිම සදහා රැගෙන ගොස්  ඇති අතර තමන්ගේ මව  නිවසේ කතරගම දේවියන්ගේ දේවාලයක් පවත්වාගෙන ගිය බවත් මව මිය යාමෙන් පසු  මෙම පිළිම ඇතුළු භාණ්ඩ තමන්ට ප්‍රයෝජනයක් නොමැති බව ඔහු පවසා ඇති බව පොලිසියි කියයි.

එසේ පවසමින් සාමිවරයාට මෙකි පිළිම ඇතුළු භාණ්ඩ විකුණා  රුපියල් දසදහසක මුදලක් ලබාගෙන ඇත.
සාමිවරයා විසින් කතරගම දේවියන්ගේ පිළිමය ඇතුළු භාණ්ඩ මිලදි ගැනිමෙන්  පසු  ඔහුගේ බිරිද අසනිප වු බවද ඔහු පොලිසියට ප්රුකාශකොට ඇත. දින දෙකක් වැනි කෙටිකාලයක් තුලදි මිලකළ නොහැකි මෙම පිලිම ඇතුළු භාණ්ඩ  සොයාගැනිමට හැකිවු බව පොලිසිය පවසයි. සොරකම් කරණු ලැබු භාණ්ඩ මිලදි ගැනිමේ චෝදනාව මත සාමිවරයා අත්අඩංගුවට ගෙන ඇත. විහාරස්ථානයේ ඇති සි.සි.ටි.වි  කැමරා වල තිබු දර්ශන ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

 සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ  ප්රිධාන පොලිස් පරික්ෂක නාරංගොඩ,  උප පොලිස් පරික්ෂක නුවන් තරංග, පොලිස් කොස්තාපල්වරුන් වන 77828 ගිතප්‍රිය,81732 ප්‍රියබන්දු,66183 මේනක,13446 දිරසිංහ, 32291 සදරුවන් ,73009 අරුණ යන නිලධාරිහු වැටලීම සිදුකළහ.

 



අදහස් (0)

මිල කළ නොහැකි පිළිමයක්-පිත්තල පහන් ගල් කරන්න හැදූ සාමි ඇතුළු දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site