
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම,බේරුවල ඇතුළු ප්‍රදේශ හතක කාන්තාවන්ගේ රන්මාල කැඩූ බව කියන කරන්දෙණියේ මෙන්ඩා නමින් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි .
රුපියල් ලක්ෂ 18 කට අධික වටිනා කමකින් යුතු රන් දම්වැල් මෙම සැකකරු කඩා ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකරු එම රන්මාල කැඩීමට පැමිණ ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයෙන් සොරා ගත් යතුරු පැදියකින් බව විමර්ශන සිදුකරන බේරුවල පොලිසිය කියයි .
සැකකරු පැහැර ගත් සියලු රන්දම්වැල් උසස් කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න පාර්ලිමේන්තුවට තව සුදුස්සෙක් හොයා ගත්තා .ඔය පැත්තේ හිටපු එක්කෙනෙක් නම් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා
අර පාර්ලිමේන්තුවේ ඉන්න කෙනාගේ ගොලයෝ තමයි ඔය
කවුද චන්දේ ඉල්ලන්නේ ?
මෙයා රෝහිතගේ ගෝලයෙක්ද?
රත්තරං මල්ලිගේ කල්ලියේ සාමාජිකත්වය දරන අයවලුන්. අල්ලන්න එපා එයාලා.
එංගලන්ත සංචාරයෙන් පස්සේ සිගරට් බොන්න ගිහින් ටීම් එකේ තැනක් නැති වුනාට පස්සේ තමයි මෙහෙම වුනේ..කෝටියක දඩයක් ගෙවන්නත් තියෙනවා ..පේනවා නේද කොච්චර හොඳට හිටියත් මිනිස්සු අසරණ වෙන විදිහ ..
කිසිම සැකයක් එහෙම නැහැ ඔය මාල කැඩූ එකා අර රෝහිතලගේ ගොලයෙක්ය. මුන් දෙන්නම එක වෙලා කෝච්චි වල මාල කැඩුවා අරූ දැන් ඇමති කෙනෙක් නිසා මූ තනියම දැන් කඩනවා
අර කෝච්චියේ මාල කපු වරායේ දැන් ඇමති ,ඔහුව අල්ලන්නේ නැද්ද ?
ඔය මිනිහට හොද අනාගතයක් තියෙනවා . දේශපාලනයට ඇවිල්ල ඇමති කෙනෙක් වෙන්න පුලුවන්.ඓහෙම කෙනෙක් දැනටමත් ඉන්නවා.
පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් ගන්නවා වෙන්න බැරිද? මොකටද ඇල්ලුවේ..?
රෝ්හිත කොල්ලගේ ගජයෙක් වෙන්න ඇති...
මෙයා ඊළඟ ඡන්දෙදී පාර්ලිමේන්තු එනවා.
මට හිතුණේ රත්තරන් ඇල්ලුවා කියලා...
අර අළුත්ගම පැත්තේ හිටියා කියන කෝච්චියේ මාල කඩපු රත්‍රං මල්ලිගේ ගොලයක් වෙන්ට බැරිද? අංගොඩ ලොක්කාට, මාකඳුරේ මදූෂ්ට, තෙල්බාලාට කළු තුසාරලාට ගෝලයින් හිටිය බව රටේ සිදුවූ අපරාද පිළිබඳ පවත්වන පොලිස් පරීක්ෂන වලින් තහවුරු වූ බව පුවත්පත් වාර්තා අනන්තවත් කියවලා තිබෙනවා.
මාල කැඩීම සම්බන්ධ කැබිනට් ඇමති තනතුරකුත් තියෙනවානේ. ඔය මෙන්ඩා ඒ ඇමතිට සම්බන්ධද දන්නේ නෑ.
මේ දෙන්නාවත් අල්ලලා දාන්න .පාර්ලිමේන්තුවට