
(තරංග ගුණරත්න)
වැලිගම මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයකු ඝාතනය කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .
මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පුත්‍රයකු සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි පොලිසිය කියයි .
එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේ මියගොස් ඇත්තේ මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැති වයස 38 වන පුද්ගලයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ. දවසකට අඩුම ගානේ තුන් හතර දෙනෙක්වත් මරනවා.
තවත් වැලක ආරම්භය යැයි කිව නොහැක්කේ කාටද..? හරිම කණගාටුදායකයි.