(යොහාන් භාසුර)
අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාසල් තුළ පවතින පුරප්පාඩු පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණයට එළමි බවත් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කීපයකදී ගුරුවරු දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා මේ වන විට වසර 18 ක් එම පාසලේ විදුහල්පති පුටුවේ ඉන්නවා. ආණඩුකාරයාගේ සිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා ඒ බව දැනුවත් කරලයි තියෙන්නෙ. විගණකාධිපතිවරයා පවා දැනුවත් කරලයි තියෙන්නෙ. පාසලේ විභාග පතිඵල හොද බව පෙන්වන්න එම පාසලේ 11 ශේණිය දක්වා ඉගෙනුම ලබපු දරැවන් කිහිිප දෙනෙක්ම පසුගිය අපොස සාපෙල විභාගයට පුද්ගලික අයදුම්කරැවන් ලෙසත් ඉදිරිපත් කරල තියෙනවා.ඒ ගැන පැමිණිලි කරලත් තියෙනවා. කෝ විසදුම් හෝ දඩුවම්. පඩි නතර කරන්නේ අහිංසක ගුරැ වරන්ගෙ තමයි. ඔය ලොකු ලොකු අයගෙ බිරින්දෑවරැ හැමදාම නගරයෙ තියෙන පාසල් වල තමයි.දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් තනිකරම නීති විරෝධි කොමිසමක්්. කොහොමද නීතිය කියාත්මක කරන්නෙ. අම්බලන් ගොඩ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට පිහියෙන් ඇන්නෙත් ගරැ මාරැවක් කරල නොගිය නිසා බිරිදගෙ පඩි නතර කලාට. ඒ නිසා නීතිය කාටත් සාධාරණව ඉටු කරන්න. මේ දිනවල මාරැවීම් දිගටම කරනවා. හැබැයි මාරැමණ්ඩල දන්නවද දන්නෙත් නැතිව ඇති.නොදන්න මිනිස්සු මේවට අභියෝග කරන්නෙත් නැහැ. කොහොම නමුත් නීති ය නම් කාටත් නීතිය එකසේ කියාත්මක වෙන්න ඕන.මාරැවීම් දිය යුතුයි. ඒ සදහා නිසි කිමවේදයක්
උපුල් මහේෂ් දන්නේ ටිකයි. මේ විදුහලපතිට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ මේ වනවිටත් පැමිණිලි 03 ක් විභාග වෙනවා. මෙයාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ. උපයාගත්තු මුදලෙන් ලැබෙන පොලිය විශ්‍රාම වැටුප වගේ හතර පස් ගුණයක්. ලොකු ලොක්කෝත් මේවාට අත ගහන්නේ නැහැ. නැත්නම් කොහොමද අවුරුදු 18ක් ඉන්නේ. ළමයෙක් පාසලට දාලා ගන්න මුදල කට්ටිය එක්ක ගානට බෙදා ගන්නවා... හාල් කිලෝවක මිල රුපියල් දාහට ගියත් මේ අයට ගානක් නැහැ.
ගුරු සේවයට එන්න ඕනම තැනක රස්සාව කරන්න බලාගෙන නෙවෙයිද?
අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිගේ කියාකලාපය ඉතා බරපතළයි. වහාම පියවර ගන්න...
මමත් අවුරුදු 10 හමාරක් එකම පාසලේ... හැබැයි එපා කියලා ළමයිවත්, විදුහල්පතිවත් කියන්නේ නැහැ. මට දිගටම ඉන්න ඕනෑ නැහැ. හැබැයි මගේ විෂයට ගුරුවරයෙක් නැතිව යන්නෙත් නැහැ. ගුරුවරයෙක් විදිහට සමාජ වගකීමක් තියෙනවා...