(සමන් පාලිත නානායක්කාර)
ශ්‍රී ලංකාවේ විශාලතම නාය යාමක් ලෙස වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යාම දෙපස විශාල භූමි ප්‍රදේශයක් නැවතත් නාය යාමේ අවදානමක් පවතින බැවින් එහි නිවාස පේළි දෙකක් පාසලක ගොඩනැගිලි හා ළමා සුරුකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කරන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය අද 21 කීවාය.
මීට පෙර නායගිය ස්ථානයට ඊශාන හා නැඟෙනහිර දෙසින් කන්දේ විශාල භූමි භාගයක් ගිලා බසිමින් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සිදු කළ භූමි පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බව ද ප්‍රාදේශීය ලේකම් මහත්මිය කීවාය
මිරියබැද්දේ පාසල පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා ඒ අවට ප්‍රදේශය භූ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවත් ගොඩනැගිලි රැසක නව පැලුම් නිර්මාණය වී ඇති බවත් ඒවා වර්ධනය වෙමින් පවතින බවත් භූ පර්යේෂණ විද්‍යාඥයින් නිරීක්ෂණය කර තිබේ.
මේ හේතුව නිසා එම අස්ථාවර භූමි ප්‍රදේශය තුළ නිවාසවල පදිංචිව සිටීම ගැවසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද ප්‍රාදේශිය ලේකම් මහත්මිය කීවාය.
පවුල් 33ක් ජීවත් වූ අංක 14 සහ15 ලයින් කාමර පේලි දෙකක් පාසල් ගොඩනැගිලි ළමා සුරකුම් මධ්‍යස්ථාන ස්ථිර වශයෙන්ම භාවිතයෙන් ඉවත් කළ යුතු බවට භූගර්භ විද්‍යාඥයින් නිර්දේශ කර තිබේ.
අධික වර්ෂාව පවතින විට මීරියබැද්ද මාර්ගය භාවිතයට නුසුදුසු බවට ද නිර්දේශ ලබා දී ඇතැයි සදහන්වේ.
මේ නිසා මීරියබැද්දේ දැනට පදිංචිව සිටින පවුල් තිස්තුනක් සඳහා නව වාසස්ථාන ඉදි කිරීමට යෝජනා වී ඇති බැවින් ඒ සඳහා වතු අධිකාරිය විසින් ලබා දී ඇති ඉඩම් කට්ටි වෙන්කර ඔවුන්ට පෙන්වා දීමට නියමිත බවද ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගනී මහත්මිය වැඩිදුරටත් කීවාය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීරියබැද්ද යළි අවදානම්