IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීරියබැද්දේ පවුල් 49ක් බලෙන් ඉවතට

(සමන් පාලිත නානායක්කාර )

හල්දුම්මුල්ල කොස්ලන්ද මිරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය  දෙපස නාය අවදානම්   කලාපයේ සිටින ජනතාවට ඉවත් වීමට දැනුම් දී ඇතත් එම  නිවේදනය නොසලකා තවදුරටත් එහිම රැඳී සිටින පවුල් 49 අද (16) පොලිසිය ද මැදිහත් කරගෙන ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී   මහත්මිය කීවාය. 

 එළවළු කොටු, කුකුළන්  ,එලුවන්, හරකුන් වැනි සතුන් ද  දමා සිය ජීවිකාව අතහැර  පදිංචි ස්ථාන වලින් ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශ කරන බවද එහෙත් ඔවුන් එම ස්ථානවල සිටීම ඉතා අවදානම් බව ද ප්‍රාදේශීය ලේකම් මහත්මිය කීවාය.

මේ අවදානම් බව තේරුම් කර දුන්නද ඒවා නොසලකා තවදුරටත් එහිම රැඳී සිටින බැවින් එම පවුල් 49 ක ජනතාව වෙත ලිඛිතව දන්වා පොලිසියද මැදිහත් කරගෙන ඉවත් කිරීමට තීරණය කළ බව හල්දුම්මුල්ල  ප්‍රාදේශීය ලේකම් කේ ඒ.ජේ. ප්‍රියංගනී  මහත්මිය  වැඩිදුරටත් පැවසීය. 

මහ වැසි සමග නාය යාමේ පූර්ව ලක්ෂණ මිරියබැද්ද  හා අවට  පහළ වීමත් ඉදිරි දිනවල වර්ෂාව තවදුරටත් අධිකව පවතින බවට පුරෝකතනය ලැබී තිබීමත් යන පසුබිමක් තුළ මෙම පියවර ගෙන තිබේ.

 



අදහස් (1)

මීරියබැද්දේ පවුල් 49ක් බලෙන් ඉවතට

අබිලින් Tuesday, 17 October 2023 06:10 AM

නාය ගිය ස්ථානයේ නැවතත් නාය යාමක් බොහෝවිට වෙන්නෙ නැහැ ඒ වගේම යම් යම් නිළධාරින් මෙතන නාය යනවා අතන යනවා කියලා ජනතාව ඉවත්කර අපහසුතාවයට පත් කරනවා ඒවා මීරියබැද්දේ පමණක් නොවෙයි අනෙක් පළාත් වලත් සිදුවෙලා තියෙනවා කොහොම වුනත් නාය යාමට මිනිස් ක්‍රියාකාරකම්ද හේතු වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site