
(නිශාන්ත කුමාර)
කොස්ලන්ද මීරියබැද්ද බැද්දවත්ත ප්‍රදේශයේ අද (27) යම් නාය යාම් තත්ත්වයක් යළිත් ඇතිව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වතුයායේ පේළී නිවාස 14 හා 15 ඉහළ කොටස්වල මෙම පැළුම් තත්වය නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි
මේ තත්ත්වය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ එල් එම් උදය කුමාර මහතා මෙසේ කීය.
‘මේ ගැන අපිට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවක් කරනතුරු කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ . කිසියම් අනතුරුදායක තත්වයක් ඇති වුවහොත් ඊට කඩිනම් විසදුම් ලබා දීමට අපි නිරතුරු අවධානයෙන් පසුවනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd