
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මැර කණ්ඩායමකගේ පහර කෑමට ලක් වූ ඕමාන් ජාතිකයාට අයත් කටාන හල්පෙ ඇඟලුම් කම්හලට පොලිස් විශේෂ කාර්ය බළකායේ අධික්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ලබාදුන් බව බඩල්ගම පොලිසිය කියයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ පවත්වන අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ඇඟලුම් කම්හල් භූමිය වරින්වර නිරීක්ෂණය කිරීමට කටයුතු කර ඇත.
බඩල්ගම පොලීසියේ නිලධාරීන් පැය විසිහතර පුරා ඇඟලුම් කම්හලේ ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමට ද කටයුතු කර තිබේ.
මේ අතර ඕමාන් ජාතික ආයෝජකයාට හා ආරක්ෂකයාට පහරදී මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දෙදෙනකු ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලීසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනදේ කළත් පිටිපස්සේ ඉන්න දේශපාලකයාගේ ආණ්ඩු ගැටගහන්නේ නැතිව ප්‍රශ්නයට විසඳුමක් නැහැ.
ඉන්න හිතෙන රටක්... මේ විදිහට මැරයින් රට කරනවා නම් තව ආයෝජකයින් රට අතහැර යයි...
මැරයන්ට ආරක්ෂාව දෙන දේශපාලුවා සිරගත කළයුතුමයි. රටේ අනාගතය ඇත්තේ ආයෝජන මත මිස බරගැස්තර දේශපාලුවන් මත නොවේ...