( තිළිණි ද සිල්වා)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් මිෂෙල් බැචලේ සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හමුවූ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි.
එහිදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රසාදය පළ කළ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය.
විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක්‍රියාවට නැංවීම පිළිබඳව ඇය මෙහිදී අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමටද එකඟ වී ඇත.
එම කාර්යයේදී ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවද එහිදී මහ කොමසාරිස්වරිය අමාත්‍යවරයා හමුවේ පවසා ඇත.
මෙම හමුවට එක්වූ ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් මයිකල් මොලර් ද , සංහිඳියාව සාමය ගොඩනැගීමට සහ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදෙන බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට අවුරුදු හතරකට පෙර තිබුණාට වඩා සතුටුදායක තත්වයක්... ඩයස්පෝරාවේ බලාපොරොත්තු ඉටු නොවෙන අයුරින් කටයුතු කළ ඔබට ප්‍රණාමය...
"අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500 ක්" මෙන්න අම්බරුවන් සිංහලයාට බදුගසා දෙමළුන්ට වන්දි ගෙවන්න යන හැටි.. පිටරට හැංගිලා ඉන්න දෙමළුන්ටම පාදඩ දේශපාලුවෝ වන්දි ගෙවන්න යනවා. කෝ ජෙප්පෝ අනුර කුමාරයා පුළුවන් නම් එ්කත් වන්දියක් ගනීවි. අනේ තව බෝම්බ කීපයක් පුපුරවනවා නම්. එක පැත්තකින් මුස්ලිම්කරණය අනික් පැත්තෙන් සිංහලයාගේ බදු සල්ලිවලින් සිංහලයාම මැරවූ දෙමළුන්ට වන්දි ගෙවනවා. සිංහලයාගේ අමනකම් නිසා දෙමලුත් හම්බයෝත් සිංහලයාගේ කරපිටින් වැජඹෙනවා. 62ට දැන් සනීපද?
යුද්ධයෙන් මිය ගිය හෝ අතුරුදහන් වූවන්ගෙන් යැපුණු ඔවුන්ගේ දරුවන්ටත් අවි අතට ගෙන සටන් කරන්න කියලද මේ ගල් බමුණා කියන්නේ. ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නමුත් මේ මිනිසුන් අවි අතට ගැනීමට හේතු වූ කාරණා විමසා බලා ඒවාට විසඳුම් නොදුන්නොත් තවත් අවුරුදු විස්සකින් හෝ තිහකින් නැවත මේ රට කුරිරු යුද්ධයකට තල්ලු වී යා හැකි බව මේ අමන බමුණන්ට නොතේරීම කණගාටුවට කරුණකි.
"මහාවංශයේ දැක්වෙන පරිදි ඊට පෙර ක්‍රි.පු. 237 දී සේන හා ගුත්තික විසින් සුරතිස්ස රජු මරා ඒ වන විටත් උතුරු ප්‍රදේශ වල ජිවත්ව සිටි දෙමළ ජනතාවගේ උදව් ඇතිව අවුරුදු විසි දෙකක් රජකම් කරන ලදී. මුටසිව රජුගේ පුත් අසේල " මහාවංසය දානවා බල්ලට. මහාවංසයේ එන විදිහට සින්හලයා පවත එන්නේ විජයන්ගෙන් ද සිංහ සීවලී ගෙන්ද. කොන්ගෝ වනාන්තරයේ වත් සතෙකුට දාව මිනිසෙක් තවත් මිනිසෙකු වැදුවාද? විචාර බුද්ධියෙන් තොරව කවුරු හෝ මොන හේතුවක් නිසා ලීව දේවල් පිළිගන්න තරම් මොවුන් අමනයෝද? විජය සිංහලයෙක්ද? විජයන්ගෙන් අපි පැවත එනවානම් අපි සිංහල උනේ කොහොමද? ඉන්දියාවේ මොන ප්‍රාන්තයේද සිංහල කතා කොරන්නේ? මුටසීවලා කතා කලේ මොන භාෂාවද? ඉතිහාසයේ වරින් වර රටවල් තවත් රටවල් අල්ල ගත්තා. ලංකාවටත් එහෙම උනා ප්‍රබාකරන් අවුරුදු 25 උතුර අලාගෙන සිටියා. අවුරුදු ගණනාවක් ස්පන්ඥය හා යාපන්නු පිලිපීනය අල්ලාගෙන සිටියා එනිසයි පිලිපීන ජාතිකයින් සුදු ජාතියක් උනේ නැතිනම් ඔවුනුත් අපි වගේම දුඹුරු වරණ ජාතියක්. තව විස්තර ලියන්නම් මෙය පලවුනොත්.
මහාවංසය ලියු කවුරු හෝ වේවා බුද්දාගම ලංකාවට දායාදකලේ ඉන්දියාව නිසා ඉන්දියාවට භක්තියෙන් මුල් තැන දීමෙන් අපේ ඉතිහාසය ලීවා. ලෝකයේ ආරම්බය දෙවියන් ලෝකය මැව්වා කියා කියන්නාක් මෙන් සිංහලයාගේ ආරන්ම්භය සිංහයෙකුගේ උනාය කියා මහාවංසය කියනවා. මට පෙනෙන හැටියට මේ වා සියල්ලම පට්ටපල් බොරුය. සිංහල මිනිසුන්ගේ පැවැත්ම කරලියට ආවේ, මහා වංසය කියන ආකාරයට විජයගේ පැමිණීමෙන්. නමුත් ඊට කලින් සිංහල කියන ජාතිය මෙරටේ නොසිටියේද? ඇමරිකාව සොයා ගත්තේ එරික්සන් හෝ කොලොම්බස් වේවා ඊට කලින් ඇමරිකාව නොතිබුණේද? ඇමරිකාවේ ඉංග්‍රීසි කතා කලේ යුරෝපයෙන් ඉංග්‍රීසි ඇමරිකාවට ගිය නියාස. ලංකාවේ සිංහල කතාකොරන්නේ කව්රු ලංකාවට සිංහල කව්රු කොහෙන් ගෙන ආ නිසාද?
"මේ රටේ අභිමානවත් පුරවැසියන් විදිහට අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ජිවත් වෙන්න විතරයි ඕන." එය සත්තකින්ම ලැබිය යුතු දෙයක් මම පුද්ගලිකව අත් දෙකම උස්සා අනුමත කරනවා. අපි ඔබලාගේ සංස්කෘතිය පිලිගන්නවා ඒ සංස්කෘතිය සිංහල සංස්කෘතිය හා බොහොම සමගාමීව යනවා.