
( ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
මරදාන ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 5ක් සමඟ නිලධාරීන් 18 දෙනකු පිටත් කර යවා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
අද ( 27) දහවල් 12.25 ට පමණ ගින්න වාර්තා වී තිබේ.
ගිනි නිවන නිලධාරීන් මේ වන විට ගින්න පාලනය කරමින් පවතින අතර කිසිදු අයකුට අනතුරක් සිදුවී නැතැයිද ඔවුහු කීහ.
රංග ශාලාවක් සහිත දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පටුපස කොටසේ මෙම ගින්න හටගෙන ඇති අතර දැවයෙන් නිම වූ පෞරාණික වටිනාකමකින් යුතු ගෘහ නිර්මාණ කීපයක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.ගින්නෙන් කිසිවකුටත් කිසිදු හානියක් සිදුව නැත.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd