(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මරදගහමුල නගරයේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද (22) දහවල් ඇති වූ සැඩ සුළඟක් හේතුවෙන් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි .
සැඩ සුළඟ ඇතිවන අවස්ථාවේ පුද්ගලයින් 5 දෙනෙකු තොරණේ කටයුතුවල යෙදී සිට ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු පමණක් එහි ඉහළට නැග තොරණ සකස් කිරීමේ කටයුතුවල යෙදී සිට තිබේ .
සුළඟත් සමඟ තොරණ කඩා වැටෙද්දී මුදුනේ සිටි එක් පුද්ගලයකු බිමට පැන ඇති අතර අනෙකා තොරණත් සමඟම බිමට පාත් වී ඇතැයි ද දෙදෙනාම සුළු තුවාල ලැබීම හේතුවෙන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවද පොලීසිය සඳහන් කරයි.
කෙසේ වුවද තොරණ යළි සකස් කිරීමේ කටයුතු අද (22) පස්වරු වන විට යළි ආරම්භ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd