(අජන්ත කුමාර අගලකඩ)
ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඇතැයි දේශපාලන අංශවල මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබේ.
වත්මන් පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති අතර , ඇතිව තිබෙන අවිනිශ්චිත තත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.
එසේ වුවද, හදිසි මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත් එකඟ නොවනු ඇතැයි ද ගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින්නැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයයේදී ලැබුණු හැටනව ලක්ෂයේ ජනවරම , නියෝජනය වන නොවන බැවින් වහාම මහ මැතිවරණයකට යන්නැයි දේශපාලන පක්ෂ මෙන්ම,සිවිල් සංවිධාන ද රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි.
ඇතිව තිබෙන තත්ත්වය හමුවේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් තුළ මහ මැතිවරණයකට යන්නැයි මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, අනෙකුත් ආගමික නායකයෝ ද මීට පෙර ඉල්ලා සිටියහ.
මේ තත්වය හමුවේ, ඇතිව තිබෙන අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා ලබන වසරේ මහ මැතිවරණයකට යාමට බොහෝ දුර ඉඩ ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 18
348
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්තුවෙන් පසු මහ මැතිවරණයක්?
dhamneth Sunday, 25 September 2022 10:06 AM
ලබන වසරේ මාර්තුවෙන විට ඡන්දදාකයින්ගේ මොලේ පෑදිලා තියෙයිද සුදුසු පුද්ගලයින් තෝරාගන්න. පසුගිය මැතිවරණයට පෙරත් කීයය කියා සිටියේ ඔය 225ම එපාකියා. නමුත් එයින් බහුතරයක් නැවත පත්කරා එවා තිබෙනවා නේද?
Janaka from MataraSunday, 25 September 2022 01:30 PM
මොනවා කරන්නද ආයුබෝවන්? තිබෙන හිරමනෙන් එපැයි ගාන්න. ඔහොම යං... වීදි අරගල කරලා ලෝකෙ ගෙනැල්ලා තියන ආණ්ඩු මීට හපන් නොවැ...!
fairoos Sunday, 25 September 2022 01:39 PM
රටට මෙච්චර වෙලති පොහොට්ටුවේ සෙට් එකට තවත් රට කන්න අවශ්‍යයි. මොවුන්ට වදින්නේ වැහි නැති හෙණ...