
(ගයාන් සූරියආරච්චි, ඥානසිරි හෙට්ටිආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)
තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිති.
(ඡායාරූප: ඥානසිරි හෙට්ටිආරච්චි)


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින වියළි සහ ශුෂ්ක කාලගුණය ගැන මෙච්චර දැනුම්වත් කර තිබියදීත් මැරතන් තරග වැනි එළිමහනේ ගිනිකාෂ්ටකේ කළයුතු ක්‍රීඩා පවත්වන්නේ අහවල් එකකටද? අධ්‍යාපන ලොක්කෝ කාලගුණයේ මෙම වෙනස්කම් සහ දොස්තරවරු ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන දන්නේ නැද්ද? මේ අහිංසක දරුවාට ආයෙත් ජීවිතය දෙන්න මේවා සංවිධානය කරන අයට හැකිද?
මේ දිනවල දරුවන් බාහිර පරිසරයට යවන්න එපා කියනවා නේද?
මේ දවස්වල එළිමහන් ක්‍රීඩා තරඟ පැවැත්වීම හා ඒ සඳහා පුහුණුවීම් නොකරන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය උපදෙස් දුන්නේ සිංහලෙන් විතරද දන්නේ නැහැ...
අපේ මිනිස්සු සමහරු වැඩ කරන්නේ මොලේ නැති විදියට. මේ දිනවල අව්වේ ක්‍රීඩා කරන්න එපා කියලා තිබිලත් දින කීපයකට පෙර මම දැක්කා දවල් දැල්ල ගහන අව්වේ රුහුණු සරසවි ක්‍රීඩා භුමියේ යාබද පාසලක ළමයි වගයකගේ මලල ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා...
සෞඛ්‍ය උපදෙස් නොතකා, අධික රස්නයක් පවතින මේ දිනවල ක්‍රීඩා උත්සව සංවිධාන කරන විදුහල්පතිවරු අත්අඩංගුවට ගත යුතුයි.
ඉතාම කනගාටුයි. මෙම දවස්වල රට පුරා ක්‍රීඩා උත්සව වලට ළමයි අව්වේ. විදුහල්පතිලා සහ ගුරුවරු සමග අමාත්‍යංශයට මෙම උත්සව කල් දැමීමට බැරිද?
මේක ජාතික තත්ත්වයක් නිසා අමාත්‍යාංශයෙන් ඇයි චක්‍රලේඛයක් මගින් පාසල් ක්‍රීඩා උත්සව නවත්වන්නේ නැත්තේ...?
හරිහැටි පෝෂ්‍යදායි කෑම වේලක් නැති ඔබලාට මොන මැරතන්ද දරුවනේ..? දැන් ඔය කොළඹ ලොකු ඉස්කෝලවල බිග්මැච් ගහලා ජොලියට කාන්තා පාසල්වලට කඩා පනින ඔබලාගේම වයසේ ළමයින්ට මොන හෙනයක් වත් නැහැනේ... ඒ මදිවාට, සැප වාහනත් පැදගෙන රථ ගාය ප්‍රදර්ශනය කරන්න ඔය මහපාරේ අපූරුවට යන්නේ...
මොනවද මෝඩයිනේ නුඹලා මෙතන ලියන පල් හෑලි, ගුණකථන... ඔය දරුවා මැරුණේ රස්නෙට නෙවෙයි බොලව් කන්න නැතිවයි...ඒ තිත්ත ඇත්ත පිළිගන්න පුරුදු වෙයල්ලා අඥාන මිනිසුනේ... වයසක අයට නම් රස්සේ ඔරොත්තු නොදෙන එක අපි දන්නවා...
ඉස්කෝලේ මහ එවුන්ට දඬුවම් දෙන්න. රෝහලට හානිකරල විදුහල්පති සහ ක්‍රීඩා ගුරාල කරපු වරද වහන්න පුලුවන්ද?