
(නිමල කොඩිතුවක්කු)
මෙරට සිදුවන මරණ වලින් සියයට 89 ක් සිදුවන්නේ බෝනොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසිය.
බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, හෝ පස්දෙනෙක් අවුරුදු 50- හෝ 60 අඩු අය බවත් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කලේය.
මෙරට වසරකට 60 000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම දුම්පානය හේතුවෙන් 20000 ක් පමන දෙනා මිය යන බවත් ඔහු කීවේය.
මේ හේතුවෙන් ජයිකා ආයතනය සමග සම්භන්ද වී ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මරණ වලින් සියයට 89 ක් බෝනොවන රෝග වලින්‘
Ruwan De Silva Monday, 10 June 2024 07:31 PM
දියුණු රටවල් වල නම් මරණ වලින් 80% බොනොවන රෝග ඉතුරු 19% රිය අනතුරු. බංග්ලාදේශය වගේ රටවල් වල බෝවන රෝග තමයි මරණ වලින් 50-60%
පාඨකයෙක් Tuesday, 11 June 2024 09:43 AM
දුම්පානය සහ මත්පැන් පානය හේතුවෙන් රෝගී වන අයට රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රථිකාර කිරීම දැන් හෝ නිමා කළ යුතුය.