
(සුජිත් හේවාජුලිගේ)
නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඉකුත් සතියේදී ඖෂධ කාණ්ඩ අටක්ද මේ සතියේ දී ඖෂධ කාණ්ඩ පහක් ද වශයෙන් ඖෂධ කාණ්ඩ දහතුනක් මෙසේ ඉවත් කර ඇති බව පවසන විශේෂඥ වෛද්‍යවරයා ගිය සතියේ භාවිතයෙන් ඉවත් කළ ඖෂධ කාණ්ඩ අට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද ප්‍රකාශ කළේය.
එම ඖෂධ ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පසුගිය වසර තුනේදී පමණක් මෙලෙස ඖෂධ කාණ්ඩ තුන්සියයක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවද නිව් මෝනියා රෝගී තත්ත්වයන් මොලේ උණ රෝගී තත්ත්වයන් ඇතුළු තවත් බොහෝ ආසාදන තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ ඒ අතර ඇති බවද චමල් සංජීව මහතා පැවසීය
සෑම සතියකම මේ අන්දමට තත්ත්වයෙන් බාල වීම මත ඖෂධ කාණ්ඩ ඉවත් කරන නමුත් මෙම ඖෂධ ගෙන්වීමට අදාළව කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව හෝ ඖෂධ හඳුනා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දක්වා සමත්ව නැතැයි හෙතෙම සඳහන් කරයි.
සතිපතා මේ අන්දමට බාල ඖෂධ ඉවත් කිරීමෙන් රටේ භාණ්ඩාගාරයට බරපතල හානියක් වන අතර මේවා සම්බන්ධ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද ඔහු සඳහන් කරයි.
ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයට සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන මැදිහත්වී මේ තත්ත්වය ලබන වසරේ ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සාර්ථක ක්‍රමවේද වෙනසක් ගැන විශ්වාසය තැබිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මතකය නිවැරදි නම් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් ලෙස තත්ව පරීක්ෂණයක් නුදුරේම අපට ලැබීමට නියමිතය. නිසි නිලධාරීන්ගේ කඩිනම් භාවය මත පමණක්ම විසඳුමේ ප්‍රතිඵල ප්‍රමාද වේ.
මේ කතාවේ සරලම හරය ජරාව ජීවිකාව කරගෙන සුඛෝපභෝගී ජීවිතගත කරන කොටසක් සෞඛ්‍ය සේවයේ ඉහල ඉන්න එක නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට හෙව්වොත් නැතිනම් හරියට අමාත්‍යාංශ පරීක්ෂණ ආරම්භ කලොත් සුර ලොව ජීවත්වන කට්ටිය දවසෙන් දෙකෙන් හෙලිකරන්න බැරිද? රෝගීන් මරලා ජීවිකාව කරගෙන යන තිරිසනුන්ට ඉඩදීම ලැජ්ජාවට කරුණක් නොවේද?
ප්‍රමිතියයක් නැති කට්ටියගෙන් ප්‍රමිතියයක් ඇති වැඩ බලාපොරොත්තුවෙන්නෙ කොහොමද? මේ අයව තෝරපු අයටත් වගකීමෙ කොටසක් එනවා. මේවට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් වශයෙන් නීතිමගින් ඉක්මනින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ දේපල රාජසන්තක කලයුතුයි.
ප්‍රමිතියක් නැති ඖෂධ ඉවත් කරනවා කියන්නේ ඖෂධවල ප්‍රමිතිය රට තුළ බලනවා කියන එක නේද? ඉතින් ඒක හොඳයිනේ. ඉවත් කළ ඖෂධවලට අපි සල්ලි ගෙවනවා? මං හිතන්නේ නෑ.
අම්මා පා දියවන්නා ඔයේ...
සේනක බිබිලේ මහත්තයා හිටියානම් දුක් වෙනවා ඇති.