
(රොමේෂ් මධුෂංක)
ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයන් 6 දෙනකු සහ වාහන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.
මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහපරිමාණ කේරල ගංජා ජාවාරමක් පිළිබඳව තොරතුරු කීරෙයිතුරෙයි පොලීසියට අනාවරනය වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පුදුකුලම්හි පොල්වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පරික්ෂා කොට ඇත.
එහිදී ලොරි රථයේ සිට අය පොලීසියට පවසා ඇත්තේ තමන් සීනි රැගෙන යන බවටය. එහිදී සීනි ගෝනි ඉවත් කොට බැලීමේදී සීනි උර මෙන් සැකසූ සැකකටයුතු තවත් ගොනි කිහිපයක් තිබී එය පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 2000 කට අධික ප්‍රමාණයක් තිබී සොය ගැනීමට පොලිසියට හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහස පොලව නුහුලන අපරාද මෙව්ව!