(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගිවිසුම් හා බැඳුම්කර කඩකළ මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.
ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ අචාර්යවරුන් 16 දෙනෙකුගෙන් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් අය විය යුතු බවද එහිදී තොරතුරු හෙළිවී ඇත.
මෙම කරුණු අනාවරණය වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය විමර්ශනය කිරිම එහි උප කුලපතිවරයා ඇතුළු ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 8 වෙනිදා රැස්විය.
මෙහිදී කළ විමසුම් වලදී උපකුලපතිවරයා සඳහන් කර ඇත්තේ ආචාර්යවරුන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.
දොළොස් දෙනෙකුගෙන් වාරික වශයෙන් අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඉංජිනේරු පාඨමාලා අවසන් කොට වැඩිදුර පශ්චාත් උපාධිය සඳහා ජපානයට හෝ වෙනත් යුරෝපීය සරසවියක අධ්‍යාපනය අවසන් කොට නැවත ලංකාවට නොඑන වැඩිකොටසක් නොර්වේ රාජ්‍යයේ ඉතා ඉහළ ගෙවීම් කරන රැකියාවල නිරතව ඉන්නා බව බොහෝ දෙනෙක් නොදැන වුවත් කියලයි මට හිතෙන්නේ.
ලෝකයේ අනෙකුත් රට වල විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ලෙස බඳවා ගන්නේ පීඑච්ඩී උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයින්. ශ්‍රී ලංකාවේ ආචාර්යවරු ලෙස බඳවා ගන්නේ පළමු උපාධිය නොහොත් bachelors degree. මෙහිදී එම පුද්ගලයින්ට වැටුප් සහිත නිවාඩු සහ ඔවුන්ගේ පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබාදෙනවා. විශ්වවිද්‍යාල සඳහා පීඑච්ඩී උපාධියෙන් බඳවා ගත්තා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් පවා ගැනීම සිදුවන්නේ ඔවුන්ව ආචාර්යවරු ලෙස බඳවා ගැනීමට උදව් කරන බව පවසමින්. ආචාර්ය උපාධිය බඳවා ගත්තොත් මේ ප්‍රශ්නයක් සෑහෙන දුරකට අඩු වෙනවා මොකද ආචාර්ය උපාධි ලබාගන්නා සියලු දෙනා පිටරට විශ්ව විද්‍යාලවලින් තමයි ඒවා ලබාගන්නේ...
ගෙවල් ගිනිතියයිද දන්නැහැ. එහෙම වෙන්නේ නැති වෙයි. පෙරෙට්ටන්ගෙයි ජෙප්පන්ගෙයි ගුරාලනේ...!