IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෙරට වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය සෙලින්කෝ ලයිෆ්

ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගමක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව ඇතැයි එම සමාගම කියයි.

මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් යැයි බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර එය 2021 වසරේදී ලබාදුන් වටිනාකමට වඩා සියයට 8.8 ක වර්ධනයකි. විශාල බැංකු, විදුලි සංදේශ සමාගම් සහ සිල්ලර වෙළඳ පොළේ දැවැන්තයන් ඇතුළත් වන මෙරට වටිනාම සන්නාම 100 තුළ සෙලින්කෝ ලයිෆ් 28 වන වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය බවට පත්ව තිබේ.

ඒ අතරම, සෙලින්කෝ ලයිෆ් සන්නාමයට බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් AA වර්ගීකරණය මේ වසරේදී AA+ දක්වා ඉහළ දමා තිබෙන අතර එයින් පිළිබිඹු වන්නේ ඉතාමත් අඩු ණය අවධානමක් සහ මූල්‍ය වගකීම් ඉටුකිරීමට ඉහළ හැකියාවක් තිබෙන බවයි.

සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම සහ ශක්තිය වෙනුවෙන් ලැබුණු නවතම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මිලියන ගණනක ජනයාගේ අනාගත අවධානම අවම කිරීමට කැපවන සමාගමක් ලෙස අපගේ සාර්ථකත්වය ශ්‍රී ලාංකිකයන් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මත රඳා පවතිනවා. නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් වර්ගීකරණය වීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් වර්තමාන අභියෝගාත්මක කාලයකදී පවා අපගේ ශක්තිය විදහා දැක්වෙනවා.’  

ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සැලකීමේදී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ සාමාන්‍ය රක්ෂණ සන්නාම වලට වඩා ජීවිත රක්ෂණ සන්නාම වැඩි වේගයකින් වර්ධනය වන බවයි. මේ අනුව, 2022 වසරේදී සමස්තයක් ලෙස ජීවිත රක්ෂණ සන්නාමවල වටිනාකම සියයට 9 කින් වර්ධනය වූ අතර සාමාන්‍ය රක්ෂණ සන්නාමවල වටිනාකම වර්ධනය වී තිබෙන්නේ සියයට 1 කින් පමණි. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වාර්තා කර තිබෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පිළිබඳව ජනතාව වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ජීවිත රක්ෂණ වාරික ආදායම් වර්ධනය වී තිබෙන බවයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

මෙරට වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site