
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කරමින් වනාතවිල්ලුව කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ මසුන් මරමින් සිටි ඉන්දියන් ධීවරයින් 22 දෙනෙකු සමග යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කල්පිටිය විජය නාවික නෞකා ආයතනයෙ නිළධාරීන් විසින් අදාල ධීවරයින් කුදිරමලේ තුඩුව ආසන්නයෙ මුහුදු කලාපයෙ නීති විරෝධීව මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට ගත් බව කියයි.
අත් අඩංගුවට ගත් ධීවරයින් සමග දැල් ආම්පන්න හා ඇතුළු උපකරණ රැසක් නාවික හමුදා අත් අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනිම දිගින් දිගටම සිදු කිරීම හේතුවෙන් වයඹ නාවික විධානයට අයත් නාවිකයින් විසින් සිදුකල සෝදිසි කිරීම් වලින් ඉන්දියන් ධීවරයින් මෙලෙස ශ්‍රී ලාංකිකයින්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනිම,මුහුදු සිමා උල්ලංඝනය සිදු කිරීමේ චෝදනාව මත මෙලෙස අත් අඩංගුවට ගැනිම සිදුව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd