
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කරමින් වනාතවිල්ලුව කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ මසුන් මරමින් සිටි ඉන්දියන් ධීවරයින් 22 දෙනෙකු සමග යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කල්පිටිය විජය නාවික නෞකා ආයතනයෙ නිළධාරීන් විසින් අදාල ධීවරයින් කුදිරමලේ තුඩුව ආසන්නයෙ මුහුදු කලාපයෙ නීති විරෝධීව මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට ගත් බව කියයි.
අත් අඩංගුවට ගත් ධීවරයින් සමග දැල් ආම්පන්න හා ඇතුළු උපකරණ රැසක් නාවික හමුදා අත් අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනිම දිගින් දිගටම සිදු කිරීම හේතුවෙන් වයඹ නාවික විධානයට අයත් නාවිකයින් විසින් සිදුකල සෝදිසි කිරීම් වලින් ඉන්දියන් ධීවරයින් මෙලෙස ශ්‍රී ලාංකිකයින්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනිම,මුහුදු සිමා උල්ලංඝනය සිදු කිරීමේ චෝදනාව මත මෙලෙස අත් අඩංගුවට ගැනිම සිදුව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 22ක් අත්අඩංගුවට