(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඩුබායි ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලට පැන ගොස් එම රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් එවීමේ නිරතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුතරයක් පකිස්ථානයේ සිටින ජාවාරම්කරුවන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඉහළ පෙළේ පොලිස්ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට එවීමට වරින්වර මිලදී ගත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොග වලටමෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට ලැබී ඇති තොරතුරු වලින් පැවසෙන්නේ යැයි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් එවීමේ නිරතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ඩුබායි රටේ බවඑම උසස් පොලිස් නිලධාරියා කීය.
රුපියයල් කෝටි ගණනින් පොලු තියා ඇති ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම මුදල්ගෙවන තෙක් යළිත් මත් ද්‍රව්‍ය ලබාදීම පකිස්ථාන ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වැළකී සිටින බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට මහ කුඩ්ඩෝ එතෙර කුඩ්ඩන්ට පොලු තියලා
SL Tuesday, 03 January 2023 08:30 AM
ඔය ඉතින් මේ ලඟකදී පොලිසියයි, අගරු අධිකරණයේ කබ්බෝයි එකතුත් වෙලා ,අල්ල ගන්න බැරිව හිටපු කුඩු කප්පිත්තෙක් ඩුබායි රටෙන් අතටම දුන්නට පස්සේ ඇප දීල ගෙදර ඇරියේ, දැන් එයා ඉන්දියාවට ගිහින් කියන්නේ. මාරු ඈ .කළු කෝට් කාරයෝ තරම් මේ රටට වින කරපු උන් වෙන කොහෙවත් නැතිව ඇති
තාරක Tuesday, 03 January 2023 12:16 PM
ඩුබායි රට?? එහෙම රටක් ඇහුවමයි.
Kumara Tuesday, 03 January 2023 12:19 PM
නරිය ඔය නය ටික මයිනත් ඒක්ක ඒකතු වෙලා ගෙවල දායි. ඒගැන ඔබතුමාල දුක් වන්ඩ එප.
fairoos Tuesday, 03 January 2023 12:25 PM
හරිනේ ඉතින් අනිවාර්යයෙන්ම අපේ දෙුශපාලකයන් තමයි මේකෙ පිටිපස්සෙ ඉන්න ඔනෙ