(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඩුබායි ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලට පැන ගොස් එම රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් එවීමේ නිරතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුතරයක් පකිස්ථානයේ සිටින ජාවාරම්කරුවන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඉහළ පෙළේ පොලිස්ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට එවීමට වරින්වර මිලදී ගත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොග වලටමෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට ලැබී ඇති තොරතුරු වලින් පැවසෙන්නේ යැයි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් එවීමේ නිරතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ඩුබායි රටේ බවඑම උසස් පොලිස් නිලධාරියා කීය.
රුපියයල් කෝටි ගණනින් පොලු තියා ඇති ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම මුදල්ගෙවන තෙක් යළිත් මත් ද්‍රව්‍ය ලබාදීම පකිස්ථාන ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වැළකී සිටින බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් මේ ලඟකදී පොලිසියයි, අගරු අධිකරණයේ කබ්බෝයි එකතුත් වෙලා ,අල්ල ගන්න බැරිව හිටපු කුඩු කප්පිත්තෙක් ඩුබායි රටෙන් අතටම දුන්නට පස්සේ ඇප දීල ගෙදර ඇරියේ, දැන් එයා ඉන්දියාවට ගිහින් කියන්නේ. මාරු ඈ .කළු කෝට් කාරයෝ තරම් මේ රටට වින කරපු උන් වෙන කොහෙවත් නැතිව ඇති
ඩුබායි රට?? එහෙම රටක් ඇහුවමයි.
නරිය ඔය නය ටික මයිනත් ඒක්ක ඒකතු වෙලා ගෙවල දායි. ඒගැන ඔබතුමාල දුක් වන්ඩ එප.
හරිනේ ඉතින් අනිවාර්යයෙන්ම අපේ දෙුශපාලකයන් තමයි මේකෙ පිටිපස්සෙ ඉන්න ඔනෙ