(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.
මෙම ඝාතන සිදුකර ඇත්තේ ෆේබ්‍රියෝ ද සොයිසා නම් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු විසින් බවත් ඔහු කැනඩාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා පැවසුවේය.ඝාතන සිදුව ඇත්තේ එරට වේලාවෙන් පසුගිය බදාදා පස්වරු 10.52ට පමණ බවත් සැකකරු පිහියක් වැනි තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බවට සැක කෙරෙන බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.එම දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.ඝාතනයට ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7ට අඩු බවත් මෙය ඉතාමත් ඛේදජනක සිදුවීමක් බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක,හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයවලුන් බව ඔටාවා පොලිසිය පැවසුවේය.දරුවන්ගේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ ලෙස හඳුනාගෙන ඇති බවද ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.
වික්‍රමසිංහ පවුල මෑතකදී කැනඩාව වෙත පැමිණ ඇති බවත් පවුලේ බාල දියණිය වූ කෙලී වික්‍රමසිංහ කැනඩාවේ උපත ලබා ඇති බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.සැකකරු සහ මියගිය ගාමිණී අමරකෝන් වික්‍රමසිංහ පවුල සමඟ එකම නිවසේ පදිංචි වී සිට ඇති බවත් ගාමිණි අමරකෝන් මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කර ඇත.
මෙම ඛේදජනක සිදුවීමට දින කිහිපයකට පෙර වික්‍රමසිංහ පවුල ෆේබ්‍රියෝ ද සොයිසාගේ 19 වැනි උපන් දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වමින් ෆේබ්‍රියෝගේ විශේෂ දිනය සැමරීමට උදව් වූ බව හිල්ඩා ජයවර්ධනාරාමයේ භන්තේ සුනීත ස්වාමින් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේය.
වික්‍රමසිංහ පවුල හිල්ඩා ජයවර්ධනාරාමය වෙත නිරන්තරයෙන් පැමිණෙන බවත් තම මිත්‍රයාවූ ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත ගිය බවත් භන්තේ සුනීත ස්වාමින් වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.සිද්ධිය සිදුවූ දිනයේ ෆේබ්‍රියෝ හැසිරීම් රටාවේ කිසිම වෙනසක් නොදුටු බවත් ඔහුට සිය පවුල ඝාතනය කිරීමට හේතුවක් දන්නා තරමින් නොමැති බවත් ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවැසූ බව භන්තේ සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිටින ෆේබ්‍රියෝගේ දෙමවුපියන්ද ධනුෂ්ක වික්‍රමසිංහ මුණගැසී ඇති බවත් මසකට දෙකකට පමණ පෙර ෆේබ්‍රියෝ වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ බිම් මහලේ පදිංචියට පැමිණ ඇති බවත් භන්තේ සුනීත ස්වාමින් වහන්සේ පැවැසුවේය.ෆේබ්‍රියෝ ද සොයිසා මෑතකදී ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනයෙන් ඉවත් වී ඇති බවත් ඔහුට අධ්‍යාපන ආයතනයේ ගැටළු රාශියක් තිබී ඇති බවත් දැනගනන්ට ලැබුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවැසුවේ යැයි භන්තේ සුනීත ස්වාමින් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.එසේම ෆේබ්‍රියෝට සියදිවි නසා ගැනීමේ සිතුවිලි තිබූ බවට ඔහුගේ හැසිරීම් රටාවෙන් තේරුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ සුනීත ස්වාමින් වහන්සේ ඉදිරිපිටදී පවසා ඇත.
ෆේබ්‍රියෝ ද සොයිසා අවසන් වරට සිය ඉගෙනුම් කටයුතු සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ ශීත සෘතුවේදී බව ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනය තහවුරු කර ඇත.පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වූ ධනුෂ්ක වික්‍රමසිංහ පසුගිය බදාදා දින රාත්‍රියේ රැකියාව අවසන් වී ගෙදර පැමිණි අවස්ථාවේදී මෙම පහර දීම ගැන දැනගෙන ඇතැයි සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.එම අවස්ථාවේදී ෆේබ්‍රියෝ අල්ලාගෙන මගේ පවුලට සිදුවූයේ කුමක්දැයි ධනුෂ්ක වික්‍රමසිංහ පවසා ඇති බවත් එහිදී ඔවුන්ට කිසිවක් නොකළ බව ෆේබ්‍රියෝ ප්‍රකාශ කිරීම හේතුවෙන් ධනුෂ්ක ඔහුව අත්හැර ඇති බවත් සුනීත ස්වාමින් වහන්සේ පැවැසුවේය.පහරදීම හේතුවෙන් ධනුෂ්කගේ අතේ ඇඟිලි දෙකක කොටස වෙන් වී ඇති බවත් ඉන් එක් ඇඟිල්ලකට සාර්ථකව ප්‍රතිකාර කර ඇති බවත් සුනීත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.
ෆේබ්‍රියෝ ද සොයිසාට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.
ප්‍රථම වතාවට ඊයේ (07) දහවල් කාලයේදී සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව එළඹෙන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ෆේබ්‍රියෝ ඉතාම අඩුවෙන් කතා කර ඇති බවත් ප්‍රකාශ කර ඇත්තේ නම සහ උපන්දිනය පමණක් බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ඝාතන සිදුකිරීමේ චේතනාව තවමත් පැහැදලි නොමැති බවත් ඝාතන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔටාවා පොලිසිය පැවැසුවේය.කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඝාතන හෙළා දකිමින් ප්‍රකාශයක් කරමින් මෙම සිදුවීමෙන් මුළු කැනඩාවම කම්පනයට පත්වී ඇතැයි ප්‍රකාශ කළේය.
නැවත එළඹෙන 14 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

නැවත එළඹෙන 14 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.

(ඝාතන සැකකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ආයුධයකින් මෙච්චර දෙයක් කරන කම් මහ දෙන්නට බැරි උනාද එක වලක්වා ගන්න.... තුවක්කුවකින් වත් මෙහෙම කරන්න ලොකු ගේමක් දෙන්න වෙනව.............. නිවන්සුව ලැබේවා
හරිම කනගාටුදායකයි.
මිනීමරුවාට නීතියෙන් නිසි දඩුවම් දිය යුතුයි.
ජනක ඔයා කියන්න හදන්නේ මමනම් දෙනවා ඌට උඩින් ගිහින් බිම වැටෙන්න වගේ ලෝකෙට හඟවන්න. කටින් ගහන අයියලා ඇත්තට මුහුණ දුන්නම ඇදුමේ පහ වෙනවා. මම 1999 විතර බෝම්බයක් පිපිරිලා තුවාල කරුවන් ගෙනෙන තැනක හිටියා. සමහර සොල්දාදුවන් පවා කලන්තය දාල බිම හිදගන්නවා දැක්කා. මිනිස්සු අනතුරකදී හැසිරෙන්නේ නොසිතු විලසට. එය කලින් කියන්න අමාරුයි. විශේෂ හමුදා හෝ වෙනත් පුහුණුවක් නැත්නම්. අර කියමනක් තියෙන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් උත්තරය දාර්ශනිකයි කියලා.
මිනිසා මෙතරම් පව්කාර තත්ත්වයකට පත් වුණේ ඇයි? මොන හිතකින් කුඩා දරුවන් ඝාතනය කළාද? හරිම කණගාටුදායකයි.
සිද්ධිය කැනඩාවේ සිදු වුණාට, ශ්‍රී ලාංකික සමාජයේ පිරිහීම තමයි මේ ඛේදවාචකයෙන් පිලිබිඹු වෙන්නේ... දෙමස් හැවිරිදි ළදරුවෙකු ඇතුළු මේ සියලු දෙනාවම ඝාතනය කිරීමට හේතුව තමයි සාකච්ඡා කළ යුත්තේ... මම අහන්නේ, මේතරම් කුඩා දරුවන් සිටින විශාල පවුලක්, ඇයි අවුරුදු 19ක් වයසැති ඥාති හෝ පිටස්තර පුද්ගලයකු ගෙදර රඳවා ගත්තේ...? ලෝකේ කොහේ හිටියත් ලංකාවේ මිනිස්සු කියන්නේ නොදියුණු ආකල්ප වලින් පිරුණු ගෝත්‍රික ජන කොටසක්.. "අහක යන නයි රෙද්දේ අස්සේ දමාගෙන, කනවෝ කියමින් කෑගසන පිරිසක්.. මේ මිනීමැරුම, එක ගෙදර වාසය කරන අය ඝාතනය කිරීමට තරම්, විශාල වෛරයකින් සැලසුම් සහගතව කළ ඝාතනයක්.. ඔය වයසේ තරුණයින් ඔවුන්ගේ ආවේග පිටකරන්නේ විවිධ විදි වලටයි.. නිහඬ බව, විශාල ඛේදවාචකයක ආරම්භයක් විය හැකි බව වැඩිහිටියන් තේරුම් ගත යුතුයි. ලංකාවේදී පිස්සන් නිර්මාණය කොට, ලෝකයට දායාද කරන නරුමයින් පිරුණු රටක් බව දැනටමත් ලෝකයට ඔප්පුකොට හමාරයි...! මිනීමරුවා ගැන කැනඩාවේ නීතිය බලා ගනීවි.. (ඔවුන් මිනීමරුවා බන්නාධගාර රෝහල් ගත නොකරාවි) මෙවැනි ඝාතනයකට හේතුවන කරුණු කාරණා සොයා බලා, මින් ඉදිරියටවත් මෙවැනි නරුමයින් බිහි නොවන සමාජයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි...
මේ වගේ සිද්ධීන් වලින් අන්තිමට කැනඩාවෙන් අපේ රටට දෙන වීසාත් නැතිවෙන්න බැරි නැහැ...
පසුගිය කාලේ රැල්ලෙ හිටිය කෙනෙක් වෙන්න ඇති.
තමන්ට මොනතරම් ප්‍රශ්න තිබුණත්, වටේ ඉන්න උදවිය ඝාතනය කිරීම කිසිම අයුරකින් සාධාරණීකරණය කළ හැකි දෙයක් නොවේ. මොහුට හිමි විය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පමණයි. බොහෝ විට, ජීවිතාන්තය දක්වා සිර දඬුවමට පසු මොහුව එරටින් පිටුවහල් කරනු ඇත.
මේක පැහැදිලිව මානසික අවපීඩනයට ලක්වූ සහ කාන්තාවට බලහත්කාරකම්වලට උත්සාහ කර නොහැකිවූ නිසා සිදුවූවක් වගේ නේද? බලමු පරීක්ෂණ වාර්තාව ඉදිරියට..
ඉතාම කණගාටුයි.