(රේඛා තරංගනී ෆොන්සේකා)
එන්නත් කරන සිද්ධියකට බාධා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහල මොරටුව පුරපතිවරයාට දුරකතනයෙන් කතා කර “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.
පීඩා ඇති වන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ‘‘දැන් සැපදැයි‘‘ විමසමින් මරණ තර්ජනය කළ බවට මොරටුව පුරපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුමුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ඇමතුම ලබා දුන් සැකකරුගේ දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එම දුරකතන වාර්තාවට අනුව සැකකරු නගරාධිපතිවරයාගේ දුරතනයට ලබා දුන් අංකය බවට තහවුරු වු බව පොලිසිය පවසයි.
සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය මීට පෙර බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් යෑමේදී නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති කරගත් බවට තොරතුරු හෙලි වු බවද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප දුක් අහන කෙනෙක් ඉස්සරත් හිටියේ... ඕක නරක දෙයක් වෙයි...
පොලිස් වහල් භාවයට හොඳ උදාහරණයක්...
ඉස්සර බඩු මිල පොඩ්ඩක් වැඩි වුණා... දැන් සැපද කියලා ප්‍රසිද්ධ කෙනෙක් ඇහුවා නේද?
සැප දුක් අහන එක වැරැද්දක් නෑ හාමුදුරුවනේ...!!!
පොඩි මිනිහෙක් වචනයක් කිව්වත් අල්ලන් හිරේ දාන රටක්... පාස්කු, මහ බැංකු වගේ මහදේවල් වලට සම්බන්ධ අය එළියේ...!!!
අපිට අහන්න තියෙන්නෙත් "දැන් සැපද" කියලා තමයි.
මොන කාලකන්නි වැඩක්ද මේ? දැන් කවුරුහරි පැමිණිල්ලක් දාන්න මහින්ද රාජපක්ෂට විරුද්ධව... මතකද මිනිහා ඇහුවා දැන් සැපද කියලා විහිළුවට වගේ.
"දැන් සැපද ?" කියා ඇහුවට නම් පියවරක් ගන්නට බැහැ. ඒත්, පැමිණිල්ලක් කළ නිසාත්, පැමිණිලිකරු බලවත් දේශපාලන පක්ෂයක කෙනෙකු නිසාත්, පොලිසියට මෙම පැමිණිල්ල බාර නොගෙන බැරුවා ඇති. ඒත්, තමන්ගේම ටෙලිෆෝනයෙන් මරණ තර්ජන එල්ල කරාවිද? වචනෙට එහෙම කිව්වත් මරාවිද? කෙලින්ම අහුවෙනවානේ. ඒ නිසා මරණ කෙනෙකු නම්, හොර රහසේ මරනවා මිසක්, මෙසේ තමන්ගේම ටෙලිෆෝන් එකෙන් කිය කියා මරාවිද ?
පව් අප්පා... මෙයාට ආතතිය හැදිලා...
නඩුකාර හාමුදුරුවනේ... කොහොමද සැප සනීප කියලා ඇහුවාම කමක් නැතිද?
මේ මොන විකාරයක්ද? "දැන් සැපද ?" කියා ඇසීම මරණ තර්ජනයක් වන්නේ කොහොමද? අද රටේ මිනිසුන්ගේ කතා කිරීමේ නිදහසට බලවත් තර්ජනයක් සිදුවීගෙන එනවා. දැන් පොලිසියේ රාජකාරිය චෝදනා නිර්මාණය කිරීමද?
දේශපාලකයෙක් ගැන සැප, දුක් ඇහුවත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මරු වැඩක් මේක...!!!
අයියෝ අම්මපා ලෝකේ මෙහෙමත් වෙනත් රටක් තියෙනවද? පුදුම හිතෙන නීතිගරුක රටක්නේ... අර කේක් කපපු නගරාධිපති ඇමෙරිකාවල කෙනෙක් වෙන්න ඇති...
මේ ආණ්ඩුවේ වැඩ දිහා බැලුවාම දැන්නම් කාටත් තියෙන්නේ දිව්‍ය ලෝක සැප...
මේ රට වෙනුවෙන් කැපවුණු කණ්ඩායම් පක්ෂ, පාට, දේශපාලන පක්ෂ හා සම්බන්ධ නොවී සිටින කාලයක් උදා වන තුරු, අප රට වැළලී යන බව දැමූ ඉදිරියට පෙන්වීමට ලකුණක් ලෙස සිතන්න, මුදල්, බලය, පූරම්බාරු ලෙස වැඩබිමේ අවශ්‍ය අය දේශපාලන පක්ෂ තුළින් ගමන් අරඹයි. මෙය නරක දර්ශනයක් බව නොතේරේ...
මොරටු පුරපති, දැන් සැපද?
දුක් සැප කුමක්ද අසන නිරිඳෝ වෙන කොයින්දෝ කියලා... පැරැණි කවියක් තියෙනවා... රජවරු දුක සැප විසඳීම...
ඉතින් එක වැරැද්දක් වන්නේ කොහොමද? සමහරවිට එය ඇත්තටම දුක හිතිලා අහන්න ඇති... මොකද රි්මාන්ඩ් වල සැප අඩුයිනේ... අනෙක ඉස්සර වේදිකාවල ජනතාවගෙන් අහන්නේ සැපද කියලා... ඇත්තටම දුක හිතිලානේ ඒ අහන්නේ... අනේ මන්දා..!!!
අපේ සාමාන්‍ය කතාබහ කිරීමේ සිරිත තමයි දුක සැප අහන එක...!!!
අපිටත් පැමිණිල්ලක් දාන්න පුළුවන් වෙයිද? මහින්ද මහත්තයාට එරෙහිව...
සමන්ලාල් මහතාණෙනි, අහිංසකයෙක්ව හිරේ දැම්මට දැන් සැපද? නොදකින්... !!!