IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ  දරුවන්ගේ සහ මවුවරුන්ගේ  මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන්  දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6) සහ අනිද්දා (7) පැවැත්වේ.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.

මේ අතර පාර්ලිමේන්තුව හෙට (6) සිට ලබන 9 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි  හෙට (6) පෙරවරු 10.30 සිට පෙරවරු  10.45 දක්වා  විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව ඇත.

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබද වාර්තාව (2022 වර්ෂය සඳහා වන) සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන (8) පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා හෙට (6) අනිද්දා (7) සහ ලබන (8) පෙරවරු 9.30 සිට පෙරවරු 10 30 දක්වා  කාලය වෙන් කර ඇත. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය වේ.

කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත  ලබන 8 වැනිදා පෙ.ව 10.30  සිට පෙ.ව 11.00 දක්වා   විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතය.

මේ අතර ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් නිට්ටඹුව දී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය  ලබන 9 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මේ අනුව  එම විවාදය එදින  පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වෙනු ඇත.



අදහස් (3)

මෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්

amila Monday, 05 September 2022 03:13 PM

පොළොන්නරුවේ වී දිරනවා කියලා පුවතක් අපි දැක්කා. විකුණගන්න බැරි එළවලු අලින්ට කන්න දානවා... ආර්ථික මධ්‍යස්ථානවල දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. විවාද කරකර ඉන්න වෙලාවේ, වට වන්දනාවේ යන වෙලාවේ මේවා කළමනාකරණය කළානම් දරුවන් බඩගින්නේ ඉන්නේ නැහැ නේද? 

:       0       5

ranilbuwaaMonday, 05 September 2022 04:31 PM

දැන් රට පාලනය කරන්නෙ ඔහෙද මමද ?

:       0       2

චින්තක Tuesday, 06 September 2022 06:15 AM

පාර්ලිමේන්තුවේ 225ක් ජනාධිපති හා බලලෝභී දේශපාලුවන් හැත්ත බුරුත්තමත් රජයේ තීන්දු තීරණ ගන්නා ඉහළම නිලධාරින් රොත්තත් රොබෝවරු වුණාම නිවැරැදි වෙලාවට නිවැරැදි තීන්දු තීරණ ගන්න බැහැ. මෙහිදී නිලධාරින් එතරම් වැරැදියි කියන්න අමාරු වෙන්නේ ඔවුන් පත්කිරීම, උසස් කිරීම, ස්ථාන මාරුකිරීම හා විනය කටයුතු අමාත්‍ය මණ්ඩලයට නිසා නිලධාරින් ඔවුන්ට දේශපාලුවන් කියන දෙයක් අහගෙන කරනවා මිස කල්පනා කර තීරණ ගන්නේ නැහැ. එයත් මෙහෙම නාස්ති වෙන්න හේතුවක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site