(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කර මේ වනවිට ඇමරිකා ඩොලර් ලක්ෂ පහකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. මේ වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි. වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වූ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙරට තිබෙන ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගැණුනේ විෂය බාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. ඒ අනුව ඊට අදාල පළමු නිවස පසුගිය සැප්තැම්බර් මාසයේදී අළෙවි විය. එය මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.