(ඩයනා උදයංගනී)
මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට අපනයනය කිරීම සඳහා චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය විසින් අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මින් නිෂ්පාදන 29ක් සාගර ධීවර ජලජ නිෂ්පාදන වන අතර, චීන සමූහාණ්ඩුවේ ලියාපදිංචි ලාංකීය සමාගම් 38ක් එම නිෂ්පාදන අපනයනකරුවන් වශයෙන් කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
චීනය වෙත මෙම නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සහ දිරිගැන්වීමට හැකි පරිදි එම නිෂ්පාදන පරීක්‍ෂා කිරීම, නිරෝධායනය සහ පශු විද්‍යාත්මක සෞඛ්‍යාරක්‍ෂක අවශ්‍යතා පිළිබඳව වන සන්ධානය, මහජන චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය සහ ධීවර අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් තැබීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට යැවීමට අවසර
Lalla Tuesday, 03 January 2023 03:43 PM
ඇයි මුහුදු ආහාර විතරක්. අපනයනය කරනවා නම් ජපන් ගොවීන් මෙන් මුහුදු ජලය වගා කිරීමේ ක්‍රම අප ආරම්භ කළ යුතුයි.
Bamunuarachchi Tuesday, 03 January 2023 05:26 PM
මෙරට ආහාර ද්‍රව්‍ය චීනෙට යවන්න් හැබැයි චීනෙන් ගෙවන්න එපා.