
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැනුවත් කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ අභියෝග සහ එහිදී ඉන්දියාවේ භූමිකාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව පැවැසෙයි.
එහිදී තම අසල්වැසියා වන ශ්‍රී ලංකාවට වත්මන් අභියෝගවලට මුහුණ දීමට ඉන්දියාවේ සහාය හිමිවිය යුතු බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරුන් වන වී මුරලිදරන්,මිනක්ෂි ලේඛි සහ රාජ් කුමාර් රන්ජන් යන මහත්ම මහත්මීන්ද උපදේශක කාරක සභා රැස්වීමට සහභාගී වුවේය.
මේ පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සිය ට්විටර් ගිණුමේද සටහනක් තැබුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු මන්ත්‍රීවරු... පක්ෂ, විපක්ෂ භේදයක් නැතිව සහයෝගයෙන් ඉන්නේ. ලංකාවේ සම්පූර්ණයෙන් වෙනස්... බලය අත්නොහරින අය, බංකොලොත් කළා. ජීවිත අනතුරට දමා හෝ බලය ගන්න හදන අය...