(යොහාන් භාසුර)

මෙම වසර අවසානයේ වැඩ අවසන් වීමට නියමිත මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාරවලින් ඉදිකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ පානීය ජල ළිං සහ මුලාශ්‍ර සිදී යාම, නිවෙස්වලට සිදු වී ඇති හානිය, එම ව්‍යපෘති සේවකයන්ගේ වැටුප් ගෙවීම් ආදි ගැටළු ඉදිරිපත්ව ඇති බවත් එම අගතියට පත්වූ ගම්වාසීන්ට සහන දීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.